මධ්‍යම කඳුකරය අධික මීදුම් තත්ත්වයක - Heavy FOG in Central Province

Posted by Unknown on Wednesday, November 6, 2013 0


මධ්‍යම කඳුකරයට මේ දින වල අධික මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වෙයි. 

විශේෂයෙන්ම රාත්‍රී කාලයේ පවතින අධික මීදුම් තත්ත්වය හේතුවෙන් රථවාහන ගමනාගමනයට දැඩි බාධා පැමිණ ඇති බව වාර්තා වෙයි. 

හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේත් , හැටන් - නුවරඑලිය මාර්ගයේත් මෙම අධික මීදුම් තත්ත්වය පවතින බව පොලීසිය සඳහන් කරයි. 

මේ නිසා එම මාර්ග වල වාහන ධාවනයේ දී වඩාත් කල්පනාකාරී වන ලෙස පොලීසිය විසින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි 

මේ අතර කොළඹ සිට නුවරඑලිය දක්වා ධාවනය වු මෝටර් රථයක් දිඹුල සෙන්ක්ලෙයාර් දියඇල්ල අසළ දී අධික මිදුම් තත්ත්වය හේතුවෙන් අඩි 75 ක ප්‍රපාතයකට පෙරළී තිබේ. 

5 වනදා රාත්‍රී 10.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. 

මේ අතර නිවිතිගල දොලොස්වල ප්‍රදේශයේ දී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ. 
අනතුරින් තුවාල ලැබුවන් අතර පාසල් සිසු සිසුවියන් 10 දෙනෙකු සහ ගුරුවරියන් දෙදෙනෙකු වාර්තා වෙයි.

බණ්ඩාරවෙල සිට පූනෑගල දක්වා ගමන් ගත් මගී බස් රථයක් 4 වනදා සවස 6.50ට පමණ මාපිටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් 25 දෙනකු පමණ බරපතළ තුවාල ලබා තිබේ. 

ඒනිසා ලංකාවේ පදිංචි ඔබ ඉන්නේ මධ්‍යම කඳුකරයේනම් එසේම මේ දිනවල මධ්‍යම කඳුකරයේ සංචාර වල නිරත වෙන්න යනවනම්.දැනටමත් ඉන්නේ සංචාරයක නම් ප්‍රවේසම් වීමටයි මේ මතක් කිරීම.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top