අලුත්වැව සෝරත නාහිමියන් දැයෙන් සමුගනී

Posted by Unknown on Wednesday, October 2, 2013 0


ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සහ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ශ්‍රි දේහය පිළිබද ආදාහන පූජෝත්සවයඊයේ (02)  දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම්මැද කතරගම පොදු ක්‍රීඩාංගණයේදී රාජ්‍ය ගෞරව සහිතව පැවැති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මහ සඝරුවන, පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු, රජයේ උසස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්  මේ අවස්ථාවට එක්ව සිටියහ.

දායක සභාව විසින් නාහිමියන්ගේ ශ්‍රී දේහය කරමතින් අංක 03 පාලම දක්වා උඩුවියන්, පාවාඩ, හේවිසි ශබ්ද පූජා මධ‍්‍යයේ වැඩම කරවනු ලැබූ අතර කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාව අසලින් රථ පෙරහරින් ආදාහන පෙරහැර ගමන් ආරම්භ කෙරිණි. හේවිසි කණ්ඩායම්, කතරගම ජනාධිපති ජාතික පාසලේ සිසු දරුවන්, විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ සිසු දරුවන් හා ඌව විශ්වවිද්‍යාලයේ සිසුහු කොඩි සේසත් මුරායුධ නෙලුම් මල් අතැතිව ඉදිරියෙන් ගමන් කළහ.
 ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වශේෂ හෙලිකොප්ටර් යානාවකින් මල් ඉසීමද විශේෂත්වයක් විය.

මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, අමරපුර මහා නිකායේ අනුනායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම, දකුණු පළාතේ පුධාන සංඝනායක පල්ලත්තර සුමනජෝතී, ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමවරුන්, ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දී.මු ජයරත්න, කතානායක චමල් රාජපක්ෂ, පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්, අමාත්‍යාංශ හා රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රදේශවාසීන් ඇතුළු ගිහි පැවිදි අති විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top