අංගම් පොර සටන් - Sinhala traditional Angampora Fighting

Posted by Unknown on Wednesday, September 25, 2013 0

අංගම් පොර සටන් කළාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්; (සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්‍රමය භාවිතා කළා. ක්‍රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්‍රමනයට එරෙහිව යොදාගන්නට ඇති බවට සාක්ෂි ඇත.  අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු ශරීරයේ නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි. රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රබල ද  කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා මල්පැලක් සකස් කොට රාවණා ස්තෝත්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය .


අංගම් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණා රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. රාමායනය නැමැති ඉන්දියානු සංස්කෘතික මහා කාව්‍යයෙහි දැක්වෙන රාවණා නම් ලංකාධිපතියා කල්පිත අධිරාජයකු නොව ක‍්‍රියාත්මක වූ පාලකයකු බව දැනට මුහුදට යටව ඇති රාවාණා කෝට්ටේ සහ වෙනත් ගවේෂණය නොකළ රාවණා ඇල්ල, සීතා එළිය, ආදී ස්ථාන පර්යේෂණයට භාජනය කිරීමෙව් දැනගත හැකි වන අතර රාවණාගේ සොහාන පවා පිරමීඩයක ආකාරයෙන් නිමවා ඇති අයුරු සොයාගත හැකිවේ යැයි රාවණා රජු පිළිබඳව කිරි ඇල්ලේ ඥාන විමල හිමියන් මෙසේ පවසයි..
රාවණා රජු පිළිබඳව බොහෝ දෙනා තුල ඇත්තේ සෘණාත්මක සංකල්පයකි’ එහෙත් රාවණා රජු යනු ලෝක පුජිත රජ කෙනෙකි. අංගම් ශිල්පයෙන් උපරිම ඵල නෙලාගත් අයෙකු ලෙසද රාවණා රජු  හැඳින්වීය හැක.
අංගම් කලාව සතු සියලූම කලාවන් මනාව ප‍්‍රගුන කළ මොහු ඒ පිළිබඳව ග‍්‍රන්ථ කීපයක්ද ලියා ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එතෙක් මෙතෙක් මෙලක් දෙරණේ රාජ්‍යත්වයට පැමිණි රජවරුන් අතර අංගම් ශිල්පය ප‍්‍රගුන කල එකම  අංගම් ශිල්පියා මොහුය. මොහු පමණක් නොව මොහුගේ ඇත් අස් රිය පාබල යන සියලූ යුධ සේනාංක වල හේවායන් ද අංගම් සටන් ශිල්පය ප‍්‍රගුණ කළ අය වූහ.

අංගම් සටන් ගැන කියවෙද්දී කොරතොට අංගම් සටන් ගැන නොකියාම බැරිය කොරතොට හා ඇඹුල්ගම විහාර ද්විත්වය අතර බිම්කඩ යක්ෂ ගෝත්‍රික සටන් ශිල්පීන්ට අයත් බව පැරණි සුන්දල පූර්ණිකා ග්‍රන්ථයේ සඳහන් වන අතර ඊට අමතරව පණිත මහ රජුගේ කාලයේදී සුමන සමන් නම් පාලකයාගේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය වූයේ කොරතොට බව පුරාණ කොරතොට කන්දේ සෙල්ලිපි වලින් සනාථ වේ. මෙම සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බව වත්මන් පුරාවිද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. පරුමුක නම් යක්ෂ ගෝත්‍රික නායකයන් ගැන කියවෙන මෙම සෙල්ලිපිය පරීක්ෂාවට ලක්කළ පුරාවිද්‍යාඥයින් පවසන්නේ විහාරමහා දේවියගේ අධීක්ෂණයෙන් වේලු සුමන විසින් සටන් පුහුණු කරන ලද සටන් පාසලක් කොරතොට ආශ්‍රිතව තිබූ බවයි. පරුමුක සුමන යනුවෙන් මෙම සෙල්ලිපියේ සඳහන් වන්නේ වේලුසුමන පිළිබඳ වන බවත් එසේම එහි සඳහන් වන මහඹි කුමරිය යනු විහාරමහා දේවිය බවත් පිළිගැණේ. ස්ටීවන් තුකෝරළ නම් කතුවරයාගේ "දශක හතක් ලෙයින් නැහැවුණු මුල්ලේරියාව" නම් පොතේ මෙම කරුණු පැහැදිලිව දක්වා ඇත. මෙයට අමතරව "ශිලා ලේඛන සංග්‍රහය" නම් පොතේ දී කොරතොට සෙල්ලිපිය ක්‍රි.පූ. යුගයට අයත් බව සඳහන් වේ. ඉහත සාහිත්‍යාත්මක හා පුරා විද්‍යාත්මක සාක්ෂි මතින් ඔප්පු වන කොරතොට ආශ්‍රිත භූමි භාගය ප්‍රාග් ‍ඓතිහාසික යුගයට අයත් බවට මනාව ප්‍රකට වේ

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top