සිංහලේ උපන් නේ යක්ෂ ගොත්‍රයකින්? - Born of Sinhalese

Posted by Unknown on Saturday, October 19, 2013 0

විධිමත් පාලන ක්‍රමයක් ගොඩනැගූ මුල්ම පාලකයා ලෙස ඉතිහාස ගත වනුයේ පණ්ඩුකාභය රජතුමාය.එතුමා අනුරාධගාමය නගරයක් ලෙස සැලසුම් කොට එහි පරිපාලන කටයුතුද ක්‍රමවත්ව සංවිධානය කළේය.අනුරාධපුරය පාලන මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් සුරක්ෂතව පැවතීමට අවශ්‍ය පදනම දැමූ ගෞරවය පණ්ඩුකාභය රජතුමාට හිමි විය යුතුය.

පරිබ්‍රාජකයන්ට ආරාමයක්ද අජීවකයන්ට නිවාසයක්ද බ්‍රාහ්මණයන්ට සිවිකා ශාලාවක්ද සහ සොත්ථි ශාලාච,ජෛනයනට හා නිගණ්ඪයනට ආශ්‍රමද ඉදිකරවා ඇත.එමෙන්ම නගරයෙන් පිටත චිත්තරාජ,කාලවේල අදීනට දේවාල තනවා දී ඇත.

ක්‍රි.පූ.504 දී පමණ. ලංකාවට පැමිණි දෙවන ආර්ය කණ්ඩායම  පඬුවස් දෙව් රජතුමාත් උපතිස්ස ගම අග නුවර කරගත්ත බව  විශ්වාස කළත් ඇතැම් අය කියන්නේ එතුමා අගනුවර කරගත්තේ හලාවත ආසන්නයේ පිහිටි පඬුවස්නුවර බවයි.
ඉතින් මෙහෙම ටික කලක් ගත වෙද්දී පඬුවස්දෙව් රජතුමා ට “අභිෂේකය සඳහා කුල කාන්තාවකගේ අවශ්‍යතාවය” පැන නැගුනා. පඩුවස්දෙව් රජුගේ බිසව විදියට ගෙන්වා ගත්තේ ශාක්‍ය කුලයට අයත් සුද්ධෝදන රජුගේ සොහොයුරා වූ අමිතෝදන රජුගේ පුතා වූ පණ්ඩුශාක්‍ය කුමරාගේ එකම දියණිය වූ භද්‍රකච්චායනා කුමරිය.භද්‍රකච්චායනා කුමරිය ලංකාවට පැමිණිලා තියෙන්නෙ තවත් පරිවාර කුමර කුමරියන් 32 සමඟ.ඒ විතරක් නෙවෙයි භද්‍රකච්චායනා කුමරිය ඇවිල්ල තියෙන්නෙ තමන්ගේ සොහොයුරන් සත් දෙනාගෙන් හය දෙනෙක්ම සමග.මේ පිරිස ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ පිහිටා තිබෙන තාම්‍රලිප්ති තොටුපොළෙන් නැව් නැගල ලංකාවේ නැගෙන හිර වෙරළේ පිහිටා තියෙන ගෝකණ්ණ තොටුපළට ගොඩ බැහැල තියනව කියල ඉතිහාස වංශකථා ශාක්ෂි දරනවා.ඔන්න ඔහොම තමයි ලක්දිව වාසීන් බුදුන්වහන්සේගේ ලේ නෑයින් බවට පත්වුණේ.මේ පිරිස තමයි ලක්දිවට පැමිණි තෙවන ආර්ය කණ්ඩායම.භද්‍රකච්චායනා කුමරිය සමඟ පැමිණි සොහොයුරන් ගංගා ආශ්‍රිතව ජනවාස පිහිටුවාගෙන තියනවා.දීඝයු කුමාරයා දීඝගාම මණ්ඩල හෙවත් දිගාමඩුල්ලද,රෝහණ කුමරු රෝහණ ග්‍රාමයද,අනුරාධ විසින් අනුරාධගාමද,විජිත විසින් විජිතගාමද,උරුවේල විසින් උරුවේලගාමද,රාම විසින් ගෝණාගමද පිහිටුවාගෙන තියනවා.පණ්ඩුකාභය කුමාරයාගේ උපත සහ ඉතිහාසය ගැන දැනගනිමු හෙළ ඉතිහාසයේ පුතුන් 10 දෙනෙක් සහ අන්තිමේදී එක දුවක් ලැබුන කියල. ඒ දියණිය ගේ නම තමයි "චිත්‍රා". ඇයට දුටුවන් උමතු කරවන සුළු රූ සපුවක් තිබුණු නිසා "උන්මාද චිත්‍රා" කියල හැඳින්වුවා ඉතින් මේ චිත්‍රා ඉපදුන වෙලාවේ දෛවඥයන් අනාවැකි පළ කරාලු අනාගතේදී චිත්‍රා ට පුතෙක් ලැබුනොත් ඔහුගෙන් චිත්‍රාගේ සහෝදරයින් මැරුම් කන බවට. ඉතින් මේකට කලබල උන සහෝදරයෝ ටික තීරණය කරාලු චිත්‍රා එවෙලේම මරා දමන්න. එත් ඉතින් කොයි දෙමාපියෝද එහෙම දේකට කැමති වෙන්නේ. වැඩිමහල් ම සොහොයුරා උන "අභය" ත් මේකට කැමති වෙලා නැහැ. ඒ නිසා අන්තිමේදී තීරණය කරාලු චිත්‍රා ට කිසිම පිරිමියෙක් මුණ නොගැසෙන විදියට ඇයව එක් ටැම් ගෙයක සිර කරලා තියන්න. මේ එක් ටැම් ගෙය මුර කරන්න සේවයේ යොදවල තිබුනේ "චිත්ත රාජ" සහ "කාලවේල" කියන යක්ෂ ගෝත්‍රික සේවකයන් දෙදෙනෙක්.

කොහොමහරි චිත්‍රාවගෙ නෑදෑයෙක් වෙන දිඝගාමිණී කියන කුමාරයට එක්ටැම්ගෙයට යන්න අවස්ථාව ලැබුණා.ඔහොම දවස් කිහිපයක්ම ගියාලු..චිත්‍රාව දීඝගාමිණි සමඟ ආලෙන් වෙලුනලු.ඊට පස්සෙ චිත්‍රාවට ළමයෙක් ලැබෙන්න ඉන්න බව රජ මැදුරට ආරංචි උනාලු.

මේක අහල කෝප උන සොහොයුරන් එක් ටැම් ගෙය මුර කළ චිත්තරාජ සහ කාලවේල ට මරණ දඬුවම දුන්නලු. ඔවුන් දෙදෙනා චිත්‍රාගේ දරුවා ආරක්ෂා කරන්න යක්ෂ ආත්ම වල ඉපදුනා කියලයි ජනප්‍රවාදවල සඳහන් වෙන්නේ.. ඒ වෙලාවේ චිත්‍රාවත් මරන්න හදල මේ අයියණ්ඩිල ටික. ඒත් මවුපියන්ගේ හා වැඩිමහල් සොහොයුරා වූ අභයගේ අනුකම්පාව නිසානැවත වතාවක් මවු පියන්ගේ සහ  වැඩිමල් සොයුරාගේ අනුකම්පාව  නිසා චිත්‍රා ගේ ජීවිතය බේරුනා. පිරිමි දරුවෙක් ලැබුනොත් ඔහු මරා දමන්නත් ගැහැණු දරුවෙක් ලැබුනොත් හදා ගන්නත් එකඟ උනා. ඉතින් කවුද මේ දරුවගේ පියා? භාද්‍රකච්චායනා ගේ බෑනා කෙනෙක් වන "දීගගාමිණි" ද? නැත්නම් යක්ෂ ගෝත්‍රික "චිත්තරාජ" ද? මේක ගොඩක් දෙනා තර්ක කරන කාරණයක්.කොහොමඋනත් සිංහලේ උපන් නේ යක්ෂ ගොත්‍රයකින් කියල සිංහල පුරා වෘත වල සදහන් වෙනවා කියන්නේ ඇත්තම නෙවේ උනත් බොරුත් නෙවේ ඉතිහාසය විසින් ගිල ගත්ත සාධක සාක්ෂි කොයිතරම් ලක් ඉතිහාසයේ තියනවද?

කුමාරිය බයවුණා තමන්ට කුමාරයෙක් ඉපදුනොත් සහෝදරයින් තමන්ව මරා දමාවි කියලා.මේ දරුවා බිහි වෙන දවසේදී එදාම ඉපදුන ගෑනු දරුවෙක් සුදානම් කරගෙන හිටියලු පුතෙක් ලැබුනොතින් ළමයි දෙන්නව මාරු කරන්න. ඒක ඒ විදියටම සිද්ධ උනා. ලැබුනේ දුවෙක් කියලා මාමලා රැවටුනා. කුමාරයට නම තැබුවේ පඬුවස්දෙව් රජුගේ ත් අභය කුමරු ගේ ත් නම් එකතු කර "පණ්ඩුකාභය" කියලා. ඉතින් මේ කුමාරයාව යක්ෂ ගෝත්‍රිකයින් වෙසෙන දොරමඩලාව ගමට රහසින් පිටත් කරා.  සේවිකාවක විසින්, පැසක දාගෙන තමයි කුමාරයව ගෙනිච්චේ. ඇයට අතරමගදී හමු වෙනවා දඩයමේ ගිය, කුමාරයාගේ මාමාවරු කිහිප දෙනෙක්. ඔවුන් මේ පැස පරික්ෂා කරන්න හදද්දී චිත්තරාජ සහ කාලවේල වල් ඌරු වෙස් ගෙන එතනින් දුවපු නිසාත් මාමාවරු උන් පස්සේ දුවපු නිසාත් කුමාරයා බෙරුනාලු 

කුමාරයා නිරෝගීව දොරමඩලාවේ වෙසුනා.සම වයස් ළමුන් එක්ක සෙල්ලම් කරන කුමාරයාට නිතරම නායකත්වය ලැබුනලු.කොහොමහරි කුමරියට පුතෙක් ලැබුණු බවත් ඔහු දොරමඩලාව කියන ගමේ වෙසෙන බවත් මාමලාට ආරංචි වුනාලු.මේ නිසා මාමාවරු ගොඩාක් බියෙන් ඉදල තියෙන්නෙ.දොරමඩලාවේ සියලුම පාහේ ළමුන් ගගේ දිය සෙල්ලම් කරන බව මාමලාට ආරංචි වුනාලු.දවසක් කුමාරයා යහළුවන් සමඟ දිය නෑමට ගිය බව දැනගත් මාමාවරු රාජ පුරුෂයන් යවා දිය නාමින් දියේ සෙල්ලම් කරමින් සිටි ළමුන් සියලු දෙනාම මරන්නට අණ කරාලු.මේ වෙලාවෙ පණ්ඩුකාභය කුමාරය කිමිදිල දිය යටින් ගිහින් විල අයිනේ තිබුණු ගස් බෙනයක රිංගලා සැඟවිලා ඉදලයි ජීවිතය බේරාගෙන තියෙන්නේ.ඔය සිදුවීම වෙන්නේ කුමාරයට අවුරුදු හතේදි.

ඒත් ටික කලක් යනකොට ආයෙමත් මාමලාට ආරංචි වෙනවලු කුමාරයා තවමත් දොරමඩලාවේ වෙසෙනව කියල.දොරමඩලාවට ඇස් විහිදා බලා සිටි මාමලට දවසක් ආරංචි වුනාලු කුමාරයා ගොපල්ලන් සමඟ ගවයන් බලමින් සිටිනව කියලා.ඉතිං ඒ වෙලාවෙත් රාජ පුරුෂයන් නඩා පැනලා ගමේ හිටපු ගොපලු දරුවන් සියලු දෙනාම මරල දාල.කුමාරයාත් ඒ වෙලාවේ ගවයන් බලමින් තමයි ඉදල තියෙන්නේ.ඒත් ඒ වන විට කුමාරයාව පිටත් කරලා නිවසට ගින්දර ගෙන එන්න.ඒ වෙලාවෙ කුමාරයාව හදාවඩා ගත්ත කෙනා ගින්දර එවල තියෙන්නෙ එයාගෙ පුතා අතේ.කුමාරයව ගෙදර නවත්තගෙන.එදාත් කොහොමහරි කුමාරයාගෙ ජීවිතය බේරුණාලු.

ඔතනින් පස්සෙ තමයි ඔය ගමින් අයින් කරල කුමාරයව යවන්නේ පණ්ඩුල බ්‍රාහ්මණයගෙන් ශිල්ප හදාරන්න.එතනදි පණ්ඩුල බ්‍රාහ්මණය දැනගත්තලු මේ කුමාරයා මතු රජවන කෙනෙක් කියලා.මේ නිසා කුමාරයාට හොදින් ශිල්ප ඉගැන්නුවලු.කුමාරයත් ඉතිං උගන්නන දේ හොදටමහ ප්‍රගුණ කරලා.ශිල්ප උගන්වලා කුමාරයා තරුණ වයසට පත්වුණ පසු කුමාරයාගේ උදව්වට පණ්ඩුල බ්‍රාහ්මණයා තම පුත් චන්ද්‍ර කුමාරයාත් සෙබළුන් බදවා ගැනීමට ධනයත් ලබා දුන්නලු.පණ්ඩුල බ්‍රාහ්මණයා තමාට රැකවරණය ලබාදෙන නිසා.මෙතෙක් තමා කවුදැයි රටවැසියාට වසන් කරපු පණ්ඩුකාභය කුමාරයා එය වසන් නොකළ සේනා සංවිධානය කරාලු.මේ කාලෙ සිංහලයින් සිංහ වංශිකයින් එක්ක අමනාපෙන් හිටපු නිසා පණ්ඩුකාභය කුමරුට සිංහලයින්ගෙන් නොබද සහයක් ලැබුනලු .

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top