ඩිල්ෂාන් ටෙස්ට් පිටියෙන් සමුගනී - Dilshans retirement of test cricket

Posted by Unknown on Wednesday, October 9, 2013 0

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම වත්මන් ආරම්භක පිතිකරු ටී.එම්. ඩිල්ෂාන් ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Former Sri Lanka Cricket Captain T.M.Dilshan will announce his retirement from international Test cricket today (10th)
කළුතර විදුහලෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ ටී.එම්. ඩිල්ෂාන් 1999 නොවැම්බර් 18දා සිම්බාබ්වේට එරෙහිව බුලවායෝ හිදී ටෙස්ට් වරම් දිනා ගැනීමට සමත් විය.
එම තරගාවලියේ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 163ක් රැස්කර ගනිමින් මැද පෙළ පිතිකරුවෙකු ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් පි‍ලේ ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.
ඉන්පසු ආරම්භක පිතිකරුවෙකු ලෙස කණ්ඩායම නියෝජනය කළ ඩිල්ෂාන් ටෙස්ට් තරග 87 ක් ශ්‍රී ලංකා පිල නියෝජනය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙ  නායකත්වයට පත්වූ ඩිල්ෂාන් සිය ප්‍රථම තරගාවලියේදීම එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ලකුණු 193ක් රැස් කරමින් වාර්තා ‍පොතට එක් විය.
ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකා පිලක් දකුණු අප්‍රිකාවේදී දකුණු අප්‍රිකාව පරාජය කිරීම ඔහුගේ දිවියේ අමරණීය මතක සටහනකි.
ටෙස්ට් තරග 87කදී ශතක 16ක් සහ අර්ධ ශතක 23ක් සහිතව ලකුණු 5492ක් රැස් කළ ඩිල්ෂාන්ගේ ලකුණු සාමාන්‍යය 40.98ක් ලෙස සටහන් වෙයි.

 His 16 Test centuries included a career-best 193 against England at Lord's in 2011 as captain.

සිය ටෙස්ට් දිවියේ කඩුලු 39ක් බිඳ හෙලූ ඩිල්ෂාන්ගේ හොඳම පන්දු යැවීම ලකුණු 10ට කඩුලු 4ක් ලෙස වාර්තා වෙයි.
පසුගිය මාර්තු 16දා ආර්. ප්‍රේමදාස පිටියේදී ක්‍රීඩා කළ බංගලිදේශයට එරෙහි ටෙස්ට් තරගය ඩිල්ෂාන්ගේ අවසන් ටෙස්ට් තරගය වන අතර, එම අවසන් ඉනිමේදී ඔහු ලකුණු 57ක් රැස් කරගෙන තිබුණි.
ලබන දෙසැම්බර් මස පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී සමුගැනීමට නියමිතව තිබුණද නවක ක්‍රීඩකයෙකුට අවස්ථාව ලබාදීමට ඩිල්ෂාන් තීරණය කර තිබේ.ඊ එස් පී එන් නාලිකාව ඔහු සමග කල සම්මුඛ සාකච්ඡාවක දී මේ බව ප්‍රකාශ කර තිබේ 

 in an interview with ESPN Dilshan said "I have taken this decision to allow Sri Lanka Cricket to groom another youngster in my place," Dilshan, 36, said on Wednesday. "I was to announce my retirement after the Zimbabwe Test series but unfortunately the tour was postponed."



ලබන වසරේ පැවැත්වෙන එංගලන්තයට එරෙහි අසීරු ටෙස්ට් තරගාවලියට එක්වන නවක ආරම්භක පිතිකරුවාට පාකිස්තානු තරගාවලියේදී අත්දැකීම් ලබා ගැනීමට ඉඩකඩ ලබාදෙමින් සමුගැනීමට මෙම විශිෂ්ට පිතිකරුවා තීරණය කිරීම වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.
ටෙස්ට් පිටියෙන් සමුගත්තද ඩිල්ෂාන් එක්දින සහ 20-20 තරග සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරයි.

Dilshan will continue to play in the shorter formats for his country, however. "I will discuss my future with the national selectors and if they need me I will play till the 2015 World Cup," Dilshan said.
තම සමුගැනීම පිළිබඳව නිල වශයෙන් මාධ්‍ය දැනුවත් කිරීම  10දා අද සිදුකිරීමට නියමිතව තිබේ.




Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top