ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම සමරු දිනය - Birth anniversary of Anagarika Dharmapala

Posted by Unknown on Tuesday, September 17, 2013 0


ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයයි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය .එතුමා බුද්ධ ගයාව බෞද්ධයන්ට අත්පත් කරදීමේ උදාරතර මෙහෙවරට අපි ගෞරව පූර්වකව නමස්කාර කරමු



. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ  149 වැනි ජන්ම සමරු දිනය නිමිත්තෙන් කොළඹ  විහාර මහා දේවි උද්‍යානයයේ අසල ධර්මපාල පිළිරුවට  පුෂ්පෝහාර දැක්වීම ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති  බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්  අද (17) උදෑසනදී පැවැත්විණි.

The 149 th birth anniversary of Anagarika Dharmapala was commemorated at the Vihara Maha Devi Park in Colombo today.The Mahadodhi Society to coincide with the commemoration ceremony.
කොළඹ නගරාධිපති ධර්මපාල පිළිරුවට ප්‍රථමයෙන් මල් දමක්  පළදවා  අචාර පුද කළ අතර  බානගල හිමියෝද තිනියාවල පාලිත හිමියෝද සෙසු ආරාධිතයෝද ධර්මපාල පිළිරුවට පුෂ්පෝහාර දැක්වුහ


Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top