පෘතුවිය අනුනම්යෙන් බේරේ - NASA Sees 'Watershed' Cosmic Blast in Unique Detail

Posted by Unknown on Friday, November 22, 2013 0


මෑත ඉතිහාසයේ සිදුවූ ප්‍රබලතම ගැමා කිරණ විහිදුමක් පසුගියදා නිරීක්ෂණය කිරීමට හැකි වූ බව නාසා ආයතනයේ විද්‍යාඥයින් කියයි.
පෘථීවියෙන් ආලෝක වර්ෂ කෝටි 370ක දුරින් සිදුවී ඇති මෙම කිරණ විහිදුම හදිසියේවත් ඊට වඩා මදක් මෑතින් සිදුවුයේ නම් පෘථීවිය මේ වන විට දැවී අළු වී තිඛෙනු ඇති බව කියැවේ.

On April 27, a blast of light from a dying star in a distant galaxy became the focus of astronomers around the world. The explosion, known as a gamma-ray burst and designated GRB 130427A, tops the charts as one of the brightest ever seen.
A trio of NASA satellites, working in concert with ground-based robotic telescopes, captured never-before-seen details that challenge current theoretical understandings of how gamma-ray bursts work.

ගැමා කිරණ විහිදුමක් සිදුවන්නේ තරුවක් මිය යන විටදීය.විද්‍යාඥයින් පවසන ආකාරයට තරුවේ අංශු ඝණත්වය වැඩි වන තරමට එය මියයන අවස්ථාව එළැඹෙද්දී එයින් නිකුත් වන ශක්තියද ඉහළ යයි.තරුවක් මිය යන විටදී මහා පිපිරුමක් සිදුවන අතර ප්‍රබලත්වය අනුව නෝවා හෝ සුපර්නෝවාවක් ලෙස එය හදුන්වනු ලබයි.පිපුරුමෙන් පසු මෙම නෝවාවෙන් හෝ සුපර්නෝවාවෙන් විහිදෙන ශක්තිය විද්‍යුත් චුම්භක විකිරණයන් ලෙස ආලෝකයේ වේගයෙන් අභ්‍යාවකාශය පුරා විහිදේ.ගැමා කිරණ විහිදුමක් ලෙස හදුන්වන්නේ මෙවැන්නකි.
නෝවාවක හෝ සුපර්නෝවාවක දර්ශනය මල්වෙඩි සංදර්ශනයක් හා සමාන වන අතර විද්‍යාඥයන්ට අනුව නම් මෙවර ඔවුනට දැක ගත හැකිව තිඛෙන්නේ සියවසේ මල්වෙඩි සංදර්ශනයයි.
මියගිය තරුව සූර්යයා මෙන් 30 ගුණයක පමණ බරකින්ද සුර්යයාට වඩා ඉහළ ඝණත්වයකින්ද යුතු වූ වුවක් හෙයින් මෙසේ ප්‍රබල ගැමා කිරණ විහිදුමක් නිරීක්ෂණය කිරීමට හැකි වූවේ යැයි නාසා විද්‍යාඥයින් පවසයි.


Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top