හොර සල්ලි තිප්පොල වටලයි - money press raided in Malabe

Posted by Unknown on Sunday, November 3, 2013 0

ලංකාවේ දැනට වාර්තා වී ඇති ලොකුම හොර සල්ලි ජාවාරම් කරුවා දැන් කොටු වී හමාරයි නමුත් ගැටලුව වන්නේ ඔහු විසින් අච්චු ගසා බෙදාහරින ලද හොර සල්ලි රට පුරාම සංසරණය වීමයි.මේ වනවිට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔහු විසින් ගනු දෙනු  ඇතිබව හෙළි වී තිබේ.අවසන් වරට ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් 2000 නෝට්ටු 3500 පමණ එහි විය.එහි වටිනාකම රුපියල් ලක්ෂ 70 කි.දිනකට රුපියල් 2000 මුදල් නෝට්ටු 20 පමණ  අච්චු ගසන අතර ඒවා ඔහුගේ කල්ලිය විසින් විවිධ තැන් වලදී මාරු කරනු ලැබේ.ගැටලුව වන්නේ ඔබට මෙම නෝට්ටුව ලැබුනහොත් අපේ රටේ නීතිය අනුව ඔබ එහි කොටස් කරුවෙකු වී හිරබත්  කෑමට සිදුවීමයි පොලිසිය පවසන අන්දමට මෙම මුදල් නෝට්ටුව හඳුනාගන්නේ මෙසේය
*එම මුදල් නෝට්ටු සියල්ල මුද්‍රණය කර ඇත්තේ එකම අංකයකිනි  එම අංකය p 67799159
* ලංකාවේ මුදල් නෝට්ටු බ්‍රේල් ක්‍රමයට සකස් කල ඒවාය රු 2000 ඉලක්කම අතට දැනෙන ලෙස බ්‍රේල් ක්‍රමයට මුද්‍රණය වී නොමැත
* නෝට්ටුවේ දියසලකුන හි රු 2000 සටහන් ව නැත

ඔබට මෙවන් මුදල් නොට්ටුවක් ලැබුනහොත් එය ලගම පිහිටි පොලිසියට භාරදී කරදරවලින් ගැලවීම වඩා හොදය




Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top