ජනපතිට සුබ පැතුම් - Greetings to Mr President Mhinda Rajapaksha

Posted by Unknown on Sunday, November 17, 2013 0


අද ලංකාවේ ජනාධිපතිවරයාගේ උපන්දිනයයි අපි එතුමාට සුබපතමු
ශ්‍රී ලංකාවේ සියලුම ජනතාව රැක බලා ගැනීමේ වගකීම ඉටුකිරීමට කටයුතු කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ සියලුම පුද්ගලයින්ට සම අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව අවසන් වීමෙන් අනතුරුව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

President Mahinda Rajapaksa gestures while addressing the concluding press conference of the three-day Commonwealth Heads of Government Meeting (CHOGM) at the Bandaranaike Memorial International Conference Hall (BMICH) in Colombo yesterday (Nov. 18). The Commonwealth Secretary General, Kamalesh Sharma and several selected Heads of Government participated in the conference

එහිදී තවදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා පැවසුවේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් ප්‍රතිසංධානය සඳහා වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.

වසර 30ක් මුළුල්ලේ පැවති ගැටලු සඳහා එක් රැයකින් විසඳුම් ලබාගත නොහැකි බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඒ සඳහා කාලය අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පැවසුවේ තමාට අවශ්‍ය වන්නේ එක් පුද්ගලයෙකුට පමණක් නොව සියලු දෙනාටම පිළිගත හැකි විසඳුමක් ඉදිරිපත් කිරීමට බවයි.

මානව අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදය වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය අගයන්ට ශ්‍රී ලංකාව ගරු කරන බවත් මෙරට නීති පද්ධතිය මෙන්ම ව්‍යවස්ථාවට ද අප ගරු කළ යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.


Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top