බණ්ඩාරවෙල බස් අනතුරෙන් 10ක් මරුට : 26 ක් රෝහලේ - Bandarawela Bus Accident 10 Dead 26 in Hospital

Posted by Unknown on Monday, November 4, 2013 0


බණ්ඩාරවෙල සිට පූනෑගල දක්වා ගමන් ගත් මගී බස් රථයක් ඊයේ (4) සවස 6.50ට පමණ මාපිටිය ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් පුද්ගලයන් 10 දෙනකු මියගොස් 25 දෙනකු පමණ බරපතළ තුවාල ලබා තිබේ.
අධික මීදුම හේතුවෙන් බස්රථයේ රියදුරු වරයාට මාර්ගය නොපෙනීම මෙම අනතුරට හේතුවී ඇතිබවට තහවුරු වී තිබේ .බණ්ඩාරවෙල නගරයේ සිට සවස 6ට පමණ ගමන් ආරම්භ කර ඇති බස් රථය බණ්ඩාරවෙල ලංගම ඩිපෝවට අයත් එකකි

 10 people were killed and more than 25 injured following the accident which occurred in Bandarawela  last evening when a bus plying on the Bandarawela- Punagala route skidded off the road and plunged into a precipice at Punagala .reason was fog. 

මේ වන විට බණ්ඩාරවෙල රෝහලට තුවාල කරුවන් 21 දෙනකු ඇතුළත් කර තිබේ. දියතලාව රෝහලේ සිරුරු දෙකක් තැන්පත් කර ඇත.පල්ලමේ ස්වභාවය අනුව තවත් තුවාල කරුවන් ඇත්දැයි සෙවීම අසීරු වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පොලිසියේ සහායට යුද හමුදාව ද කැඳවා ඇත.

මේ දිනවල පවතින දැඩි වර්ෂාව හා ඝන මීදුම නිසා මේ අනතුර සිදුවී ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය කියයි. මේ නිසා තුවාලකරුවන් රෝහල්කරා රැගෙන ඒමට බාධාවක් වී තිබේ. මියගිය අයගේ මළ සිරුරු කීපයක් සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර ඒවා රෝහල් කරා රැගෙන යාමට කටයුතු කරමින් සිටී. මියගිය ගණන වැඩි විය හැකි බවට සැක කරයි.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top