ඉන්දියාව තහනම් වුණු චැනල් 4ට ශ්‍රී ලංකාව වීසා ලබාදෙයි - SRI LANKA GRANTS VISA TO CHANNEL 4

Posted by Unknown on Wednesday, November 6, 2013 0

ආන්දෝලනයට තුඩුදුන් චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහන් නිෂ්පාදක කැලම් මැක්රේට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුව ආවරණය කිරීම සඳහා වීසා ලබාදී තිබේ.
Channel 4 Director of controvertial documentary ‘No Fire Zone and  Sri Lanka's Killing Fields , Callum Macrae and his team were granted visa to enter Sri Lanka in order to cover the Commonwealth Heads of Government Meeting (CHOGM) in Sri Lanka, the Secretary of the Media Ministry stated

ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් මහතා කියා සිටියේ වීසා ලබාදීම සිදුකරනු ලැබුවේ තමන් විසින්

නොව අදාළ බලධාරීන් විසින් බවත්, එසේ නමුත් එය සත්‍යයක් බවත්ය.

යුද්ධයේ අවසාන අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට චැනල් ෆෝ නාලිකාව විසින් අවස්ථා දෙකකදී වාර්තා චිත්‍රපට දෙකක්  Sri Lanka's Killing Fields සහ No Fire Zone යනුවෙන් විකාශය කරන ලදී.

එකී වැඩසටහන් දෙකෙහිම නිෂ්පාදකවරයා ලෙස කටයුතු කළ කැලම් මැක්රේය. නොවැම්බර් මස 07 වන දින ඉන්දියාවේ නව දිල්ලි නගරයේදී පැවැත්වෙන සම්මන්ත්‍රණයක් අතරතුර ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් තමන් විසින් නිෂ්පාදනය කළ වීඩියෝ වැඩසටහන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාගැනීම සඳහා උත්සාහ කළ ද ඉන්දියානු බලධාරීන් විසින් ඔහුට වීසා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ පිළිබඳ චැනල් ෆෝ මාධ්‍යවේදියා පවසා ඇත්තේ තමන් නිසි වීසා අයදුම් කළත් තමාට වීසා ලබාදීම ඉන්දියානු බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

වසර 3 ක කාලයක් තිස්සේ යුද අපරාධ සම්බන්ධයෙන් කළ වාර්තා චිත්‍රපට ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීම සඳහා තමන් විසින් උත්සාහ කරනු ලැබූවද, ඉන්දීය මධ්‍යම රජය විසින් ඒ සඳහා මෙතෙක් අවසර ලබා නොදුන්නේ මන්ද යන්න පිළිබඳ තමන් විමසන බවද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් ඉන්දියාවෙන් පවා වීසා ලබා නොදුන් කැලම් මැක්රේට මේවන විට ශ්‍රී ලංකාවෙන් වීසා ලබාදී තිබීම සංවාදාත්මක තත්වයකි.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top