2013 ‘ස්වර්ණ පුස්තක’ සම්මානය කීර්ති වැලිසරගේ ට - Swarna Pusthaka Award 2013 winner Keerthi Walisarage

Posted by Unknown on Wednesday, September 11, 2013 1



ශ්‍රී ලංකාවේ විශාලතම සාහිත්‍ය මුදල් ත්‍යාගය වන 2013 ‘ස්වර්ණ පුස්තක’ සම්මානය සඳහාමේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා 2012 වසරේ ප්‍රකාශයට පත් වූ නවකතා 116 ක් ඉදිරිපත් වූ අතර ජයග්‍රාහි  නවකතාව තෝරාගැනීම අදියර තුනක් යටතේ පැවැති අතර අවසාන අදියරට නවකතා පහක් තෝරා ගැනිනි.
 අවසන් අදියර සඳහා තේරුණු සිංහල නවකතා
@ සුමිත්‍රා රාහුබද්ධගේ ‘අත අත නෑර’,
@ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘සෙංකොට්ටං
@ කීර්ති වැලිසරගේ ‘කාල සර්ප’
@ කපිල කුමාර කාලිංගගේ ‘කන්දේ වීදිය
@ සමරවීර විජේසිංහගේ ‘තැප්පාසේම ගිනි’ යන කෘතීන් ය.

මේ නවකතා පහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා විසින් අවසන් වටය සඳහා පත්කරන ලද උත්තරීතර විනිශ්චය මණ්ඩලයේ සභාපති ආරියවංස රණවීර මහතාට පිළිගන්වන ලදී.

සැප්තැම්බර් 10 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වූ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේදී ජයග්‍රාහී නවකතාව වූ යේ කීර්ති වැලිසරගේ ‘කාල සර්ප’ නම් කෘතියයි මෙහි ප්‍රකාශණය සරසවි ප්‍රකාශකයන්ගෙනි  




මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී සුපිරි මුදල් ත්‍යාගය වන රුපියල් 500,000 ඔහුට හිමිවූ අතර  සහ අවසාන වටයට තෝරාගත් නවකතා පහේ කතුවරුන්ට එක් අයකුට බැගින් පිදෙන රුපියල් 50,000 බැගින් ත්‍යාග  ද ඇතුළුව රුපියල් 750,000 මුළු ත්‍යාග මුදල ජයග්‍රාහී කතුවරුන්ට ලබාදුන්නේය .


ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 2007 වසරේ සිට වාර්ෂිකව පවත්වන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සෑම සැප්තැම්බර් මාසයේදීම පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබයි.


Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

1 comment:

Powered by Blogger.

Translate

back to top