What's New Here?

මහනුවර ඓතිහාසික මැද වාසල කටු ගෙයින්  ඉපැරණි බිතු සිතුවම් සටහන් මතු වී ඇතැයි එහි සංරක්ෂණ කටයුතු කරන මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.
මහනුවර යුගයේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ හා බිසව  සිටි කාමරයක හා යාබද බිත්තිවලින් මේ සිතුවම් මතු වී තිබේ.
බිතුසිතුවම් අයිති කාල වකවානු හෝ නිශ්චිත යමක් කීමට නොහැකි බව  මහාචාර්ය බී ඩී නන්දසේන කියයි.
එකම අච්චුවකින් සටහන් කළ මල් පෙළට තබා ඇති බව සංරක්ෂකයෙක් කියයි.

මහනුවර ඓතිහාසික මැද වාසල කටුගේ මල් පිපේ

Posted by Unknown No comments

0 comments:

කොළඹ  ආරම්භ කිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාරය සඳහා ඉක්මනින්ම අවශ්‍ය නීත්‍යනු කටයුතු ලංකාවෙන් සිදු නොවුවහොත් එම ආයෝජනය මියන්මාරයට ගෙනයන බවට ක්‍රවුන් ඉන්වෙස්ට්මන්හි හිමිකරු වන ජේම්ස්  පැකර් විසින් අනතුරු අගවා තිබේ.

මේවනවිටත්  ජේම්ස්  පැකර් ගේ නියෝජිතයන් මියන්මාරයට ගොස් ඒ පිලිබඳ සොයාබලන බව වාර්තා වේ. මෙය පටන් ගැනීමට සැලසුම් කර තිබුනේ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය ඉදිරිපිටයි.පසුගිය කාලයේ දිගින් දිගටම එල්ලවූ විරෝධතා හමුවේ එම ව්‍යාපෘතියට බදු සහන ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව නතර කිරීමට රජය ක්‍රියාමාර්ග ගත්තේය.
ඒ අනුව පසුගියදා පොදුරාජ්‍යය මණ්ඩල සමුළුවේ ව්‍යාපාරික සමුළුවට ලංකාවේ  පැවැත්වීමෙන් පසු ඔස්ට්‍රේලියාවට ගිය ජේම්ස්  පැකර් ලංකාවේ ප්‍රමාදය ගැන සිට ඇත්තේ කෝපයෙනි. ලංකාවේ කැසිනෝ ව ස්ථාපිත කිරීමට ඔහුගේ දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ යුනියන් බැංකු සභාපති ඇලෙක්ස් ලොවෙල් ය.

කැසිනෝ ආයෝජනය ලංකාවට ගෙන ඒම වෙනුවෙන් ඔහුට සම්පුර්ණ ආයෝජනය වන ඩොලර් මිලියන 400 යෙන් 10% ක් එනම් ඩොලර් මිලියන 40 ක් හිමිවේ. එහෙයින් ජේම්ස්  පැකර් ගේ අනතුරු ඇඟවීම පිලිබඳ වඩාත් කලබල වුයේ යුනියන් බැංකු සභාපති ඇලෙක්ස් ලොවෙල්ය.

ඒ අනුව පසුගිය සතියේ ඇලෙක්ස් ලොවෙල් විසින් මහා භාණ්ඩාගාරය හා ආයෝජන මණ්ඩලය සමග පැකර් ගේ අනතුරු අනග්වීම පිලිබඳ සාකච්චා කොට ඇත. එහිදී එළඹුණු ගත් අවසන් විශේෂ තීන්දුවත් සමග ඇලෙක්ස් ලොවෙල් පසුගිය බ්‍රහස්පතින්දා දින ඔස්ට්‍රේලියාව බලා ගොස් ඇත්තේ ජේම්ස් පැකර් හමුවී එම තීරණය දැනුම් දීමටය.

දැන්  වාර්තාවන පරිදි එම අවසන් විශේෂ තීන්දුවෙන් කියවෙන්නේ ලංකාව කැසිනෝ ව්‍යාපාරය සඳහා සුදානම් බවය. ඒ පිලිබඳ අණපනත් කැබිනට් එකටත් පාර්ලිමේන්තුවටත් ඉදිරිපත්කොට ඉදිරියේදී සම්මත කරගන්නා බවත් එම හෝටල් සංකීර්ණය පටන්ගැනීමට වසර තුනක් පමණ ගතවන නිසා එම කාලය තුල නීතිමය ගැටළු විසඳා ගතහැකි බව එම අවසන් තීන්දුවේ ඇතැයි වාර්තා වේ.

කැසිනෝව ලංකාවෙන් අකුලාගෙන යෑමේ සූදානමක්

එෆ්.එම් 91.4 ඔස්සේ අද පටන් FOX  FM නමින් ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාවක් ආරම්භකොට තිබෙනවා.

නෙත් එෆ්.එම් නාලිකාව හිමි ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ට් සමාගම හිමිකාරත්වය යටතේ මෙම ෆොක්ස් එෆ්.එම් ගුවන් විදුලි නාලිකාව ආරම්භ කොට ඇත.

 fox-FM නමින් ලොව වටා විකාශය වන එමෙන්ම ලෝකයේ විවිධ රටවල් වලද මෙම නමින් නාලිකා රැසක්ද පවතිනවා

91.4 FM තරංග මාලාව ඔස්සේ බස්නාහිරින් සහ මහනුවරදී ශ‍්‍රවණය කළහැකි අතර ඉංග්‍රීසි රේඩියෝ නාලිකාවන්හි පවතින රැල්ලෙන් මිදී විනෝදාස්වාදය හා තොරතුරු අතින්ද අංගසම්පුර්ණ නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තාවේ.

FOX FM නමින් ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාවක් - Fox FM New radio Channel

Posted by Unknown No comments

එෆ්.එම් 91.4 ඔස්සේ අද පටන් FOX  FM නමින් ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාවක් ආරම්භකොට තිබෙනවා.

නෙත් එෆ්.එම් නාලිකාව හිමි ඇසට් රේඩියෝ බ්‍රෝඩ්කාස්ට් සමාගම හිමිකාරත්වය යටතේ මෙම ෆොක්ස් එෆ්.එම් ගුවන් විදුලි නාලිකාව ආරම්භ කොට ඇත.

 fox-FM නමින් ලොව වටා විකාශය වන එමෙන්ම ලෝකයේ විවිධ රටවල් වලද මෙම නමින් නාලිකා රැසක්ද පවතිනවා

91.4 FM තරංග මාලාව ඔස්සේ බස්නාහිරින් සහ මහනුවරදී ශ‍්‍රවණය කළහැකි අතර ඉංග්‍රීසි රේඩියෝ නාලිකාවන්හි පවතින රැල්ලෙන් මිදී විනෝදාස්වාදය හා තොරතුරු අතින්ද අංගසම්පුර්ණ නාලිකාවක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බව වාර්තාවේ.

0 comments:

Powered by Blogger.

Translate

රේඩියෝ අහපු අය

back to top