ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ඇරඹුම සහ එහි විකාශනය - Beginning of Sri Lankan Drama and folk performing Art

Posted by Unknown on Wednesday, August 28, 2013 0

       
  ලංකා නාට්‍ය කලාව කවදා කෙසේ බිහිඋනිදැයි  නිශ්ච්තවම ප්‍රකාශ කිරීමට තරම් ප්‍රමාණවත් ලේඛණ ගත සාධක හෝ වෙනත් පුරා විද්‍යා සාක්ෂි නොමැත.නමුත් සාම්පදායික ජන ශ්‍රැති වලින් හා මහා වංශය වැනි වංශකතා මුලාශ්‍ර  වලින් මේ සම්බනධව යම් යම් තොතුරු ලබාගත හැකිවේ. මේ විමර්ශනයට අනුව මෙරට නාට්‍ය කලාව  විජයාගමනයටත් පෙර අවධියේ පටන් පැවතුන්නක් බව ඉස්මතුකරගත හැක

මහා වංශය වාර්තා කළ අන්දමට විජය  රජු මෙරටට පැමිණිදා කිසියම් ශබ්දයක් ඇසි ඒ පිලිබදව විමසුවිට කුවේණිය සඳහන් කර ඇත්තේ එය  මංගල උත්සවයක නැටුම් ගැයුම්  බවත්ය. ඉන් අපට වැටහෙන්නේ  මෙහි විජයාගමනයටත් පෙර පටන් පවතින කලාවක් ශ්‍රී  ලාංකිකයන් සතුව පැවති  බවයි.

මහා වංශෙය්ම පෙන්වන අනෙක් කරුණ වන්නේ පණ්ඩුකාභය රජ දවස චිත්තරාජ කාලවේල  වැනි යක්ෂ ගෝත්‍රික  නායකයන් පණ්ඩුකාභය රජු සමග සමාසුන් ගෙන එදා  පැවති සමජ්ජ උත්සවයකට සහභාගී වූ බවයි.මෙලෙස ලංකාවේ අතීතයේ පටන්ම කිසියම් රැඟුම් කලාවක් පැවතීම පිලිබඳ සාධක අපට හදුනාගත හැකිය.


ආගමික මුලාශ්‍ර පදනම් වූ රංග කලාවක් ගැන අද ද  සාක්ෂි තිබීම අතීත ලාංකේය ප්‍රසාංගික කලාව ගැන මුල් සපයයි . තොවිල් හා ඊට සම්බන්ධ සන්නි යකුම, දහ අට සන්නිය , කාන්තාවන් ගේ රෝග  නිවාරණය පිණිස රඟ දැක්වූ  රිද්දි යාගය ,දොළහ පාලිය, දහඅට පාලිය, ගරා යක් නැටුම ආදිය  ද අතීතෙය් පටන් අපෙ සම්ප්‍රදායික  ජනතාව තමන් ඇදහූ දෙවිදේවතාවන් වෙනුවෙන් සිදුකල  ගම්මඩු, පුනාමඩු, මල්මඩු , වන්දනාමඩු ආදියද  අදටත්  දැකිය හැකිය.

මේවා  සියල්ල ගැමි නාටක ලෙස හදුන්වන අතර ගැමි  ජනතාව තම විනෝදාත්මක  මාධ්‍යයක් ලෙස මේවා  භාවිත කල බවට  හදුන්වන්නට අපි පුරුදු වී සිටිමු. මෙකී ගැමි නාටක අතර ලක් දිවට බුදු දහම පැමිණිමටත් පෙර පටන් මෙහි පැවතුනා විය හැකි රැගුම් සම්ප්‍රදායක් ලෙස කොහොඹ යක් කංකාරිය විද්වත් අවධානයට ලක්ව තිබේ. ෙමෙහි තෙරුවන ගැන සඳහන් නොවීම මේ අනුමානය තවත් සනාථ කරවයි . උඩරට ගැමි රංග කලාවක් වන මෙය  පරිසරයට අධිපති කොහොඹා දෙවියන් වෙනුවෙන් රඟ  දැක්වුණූ ශාන්තිකර්මයකි. ඒහි  යම් රංගමය අවස්ථා රාශියක් හදුනාගත හැකි අතර මූලික ජවනිකා ගණනාවක් ඔස්සේ  කංකාරිය  රග දැක්වේ . වැන්දුම් යක් තුන් පදය , වද්දන් ගිවිස්සීම, ඌරු යක්කම, වාසි යක්කම, ආදී  ජවනිකා රාශියක් දක්නට ලැබේ

කොහොම්බ යක් කංකාරියේ  වඩා  දියුණු තත්වයක් ලෙස
සොකරි  හදුන්වා දිය හැකිය.මෙය  කිසියම් කතා පුවතක් වටා ගෙතුමක්  වන අතර දැනට ඒවැනි ඉපැරණී සොකරි   කතා පුවත් පේරාදෙණිය  සරසවියෙ සුරැකිව තබා තිබේ.


තවත් විස්තර ඊළග ලිපියෙන්

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top