ටී.එම්. ජයරත්න නම් සොඳුරු කලාකරුවා - About TM Jayarathna

Posted by Unknown on Thursday, November 21, 2013 0

ටී. එම්. ජයරත්න 1944 අප්‍රේල් මස 13 වන දින ශ්‍රි ලංකාවෙ දොඩන්ගොඩදී උපත ලැබීය.
1978, 1979, 1980 සහ 1987 වසර වලදී ඔහු ශ්‍රි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ අතර 2006 වසරේදී රයිගම් ටෙලි සම්මාන උලෙලේදී හොඳම ගායකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
ඔහු තම උසස් අධය්‍යාපනය ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් හා මලියදේව විද්‍යාලයෙන් ඉගෙනුම ලැබීය.තම යොවුන් අවධියෙදි ඔහු වයලීන වාදකයෙක් ලෙස පුරුදු පුහුණු විය.

1966 දී ජයරත්න මහතා රාජගිරිය හේවාවිතාරණ මහා විද්‍යාලයේ සංගීත ගුරුවරයෙකු ලෙස සේවය කිරීම ආරම්භ කලේය.ගුවන් විදුලි සංස්ථාවේ ජන හා පර්යෙෂණ අංශයේ ප්‍රධානියා වන සී.ජේ.එස්.කුලතිලක මහතා ඔහුව ගායනයට ඇද දමමින්, සිංහල ජන සංගීත ඇසුරින් නිර්මාණය කරන ලද ගේය පද කිහිපයක් ගුවන් විදුලියෙන් විකාශනය වන ගාන තෙල් සඳුන් වැඩසටහන සඳහා ටී.එම්. ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටියේය .ඒ අනුව ඔහු තම ප්‍රථම ගීතය 1970 දී පටිගත කරන ලදී.

ටී.එම්. ජයරත්න තම ගායන ජීවිතය පසුපෙල ගායන ශිල්පියෙකු ලෙස ආරම්භ කරන ලද්දේ, සුනිල් ආරියරත්න විසින් රචිත සහ ප්‍රේමසිරි කේමදාස විසින් සංගීතවත් කරනලද ලා හිරු දහසක් ගීතය ගායනා කිරීමත් සමගය.1978 වසරෙදි ඔහු ඔහුගේ මුල්ම කැසට් පටිය "තරංගා වෙලුම 1" නමින් එලිදක්වන ලදී.
වසර 1980 දී ධර්මසිරි බණ්ඩාරනායක  විසින් නිර්මාණය කරන ලද "හංස විලක්" චිත්‍රපටිය සඳහාප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට "හෙමින් සැරේ පියා විදා " ගීතය සුනිලා අබේසේකර සමග ගායන කරන ලදී.
ඔහුගේ ජනප්‍රිය  ගීත අතර - රාත්‍රිය උන -රන් ටිකිරි සිනා - අම්මා සඳකි - මුළු ලොවම නැති උනත් - එකසිත දෙතැනක නතර වෙලා - සොඳුරු අතීතයේ ආදිය වෙයි

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top