චැනල් 4 අනුරාධපුර විරෝධයට රජය හවුල්’

Posted by Unknown on Thursday, November 14, 2013 0

බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ මාධ්‍ය කණ්ඩායම ගමන්කළ දුම්රිය අනුරාධපුර නගරයේදී නැවැත්වීමේ ක්‍රියාදාමය රජයේ අනුදැනුම ඇතිව සංවිධානය කරන ලද්දක් බවට ඊයේ(13) රාත්‍රියේ සිට විදෙස් ප්‍රවෘත්ති මහ ඉහලින් වාර්තා කර ඇත.
චැනල් 4 රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයේද ඒ සම්බන්ද විශේෂ වාර්තාවක් ඇතුළත් කැර තිබුණි.
එයට දැනට කොළඹ සිටින බ්‍රිතාන්‍ය විදේශ ඇමති විලියම් හේග් සමඟ පවත්වන ළද සම්මුඛ සාකච්ඡාවක්ද ඇතුළත් විය.
විලියම් හේග් එහිදී බ්‍රිතාන්‍ය වාර්තා කරුවන්ට ඔවුන්ගේ රාජකාරිය කරගෙනයාමට අවහිර කිරීම තරයේම හෙලා දකිනබව පැවසිය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල්.පිරිස් සමඟ කතාබස් කිරීමට කටයුතු කරන බවද බ්‍රිතාන්‍ය විදෙස් ඇමතිවරයා චැනල් 4 වාර්තාකරුවන්ට ප්‍රතිඥාවක්ද දුන්නේය.
අනුරාධපුර විරෝධතාවයට සහභාගිවූ කිහිපදෙනෙකුගෙන් චැනල් 4 නාලිකාව විකාශනය කල ශ්‍රී ලංකාව සම්බන්ධ වැඩ සටහන් දුටුවාදැයි කැලම් මැක්රේ විමසා සිටියේය.
 එතැන සිටි කිසිවෙක් එම වැඩ සටහන් දුටුබවක් ප්‍රකාශකළේ නැත. මේ සිද්ධියද තමන්ගේ වාසිය සඳහා චැනල් 4 වාර්තා කරුවන් උලුප්පා පෙන්වනු ලැබිය.
චැනල් 4 කණ්ඩායමේ ගමන් බිමන් පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සෝදිසියෙන් සිටින බව ඔවුන් දැනගෙන සිටි බවත් ඔවුන් එදින දුම්රියෙන් ගමන් කරන බව අනුරාධපුරයේ කණ්ඩායමක් දැනගන්නට ඇත්තේ ආරක්ෂක අංශයේ කවුරුන්ගෙන්හෝ විය හැකිබවට අනුමානකල හැකි බවත් එම වාර්තාවෙහි සඳහන් විය.
අනුරාධපුරයේ දහසකට වැඩි පිරිසක් රැස්ව  සිටි අතර ඔවුන් ශබ්දනගා කෑකෝගසමින් දුම්රිය වටකළ අතර කිහිප දෙනෙක්ම එම කණ්ඩායම සිටි රිය මැදිරිය තුලට පැමිණි නමුත් කිසිවිටෙකත් තර්ජනාත්මක අයුරින් හැසිරුණේ නැති බවත් එනිසා තම කණ්ඩායමේ කිසිවෙකුටත් අනවශ්‍ය බියක් අතිනොවුණ බවත් චැනල් 4 වාර්තාවෙහි සඳහන් විය.
අනුරාධපුර සිද්ධියේ අතුරුපලයක් ලෙස චැනල් 4 නාලිකාව මඟින්  අද (නොවැම්බර් 14 බ්‍රහස්පතින්දා) රාත්‍රියේදී "සුදු වෑන් කතන්දර" නමින් යුතු පැය දෙකක වාර්තාමය චිත්‍රපටයක් විකාශනය කිරීම සඳහා කඩිනම් පියවරක් ගෙන ඇත.
ඒක පාක්ෂික අයුරින් සකස්කර ඇති එයද ශ්‍රී ලංකාවට ඉතාම අවාසිදායක අන්දමට නිෂ්පාදනය කර ඇති තවත් "අපබ්‍රංශයක්" වියයුතු  බවට පෙනීයන බව ඒගැන අදහස් දක්වන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති.
තමිල්නාඩුවේ  ලීනා මනිමෙකලයි නමැති කාන්තාව විසින් ශ්‍රී ලංකාවේදී රූපගත කර ඇති එම වාර්තා චිත්‍රපටහි අන්තර්ගතය වන්නේ ශ්‍රී ලංකාවේ අතුරුදහන්වුවන්ගේ පවුල්සාමාජිකයින්ගේ අත්දැකීම් බව ඒ පිළිබඳව නොකඩවා විකාශනය කෙරෙන පුර්ව ප්‍රචාරක දැන්වීම් වල දැක්වෙයි.
මීට පෙර විකාශනය නොවූ අනුවේදනීය දර්ශන සහ තොරතුරු එහි ඇතුලත්ව ඇති බවද පැවසේ. අතුරුදහන්වුවන්ගේ පවුල් හතක් ඒ සඳහා සම්බන්ධ කරගෙන ඇත.
චැනල් 4 කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණියේ කලින් සුදානම්  කරගත් සුක්ෂම සැලසුමකට අනුව බවත් ඔවුන්ගේ තරම දන දැනත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩදීම මේ පටලැවිල්ලේ මුලාරම්භය බවත් මෙම සිද්ධිය සහ ඉන් අනතුරුව විදේශයන්හි පැතිරීයන ශ්‍රී ලංකා විරෝධී ප්‍රවෘත්ති ජාලය පිළිබඳව අදහස් දක්වන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ පවසති.
චැනල් 4 නාලිකාව ශ්‍රී ලංකාවට අවාසිදායක වාර්තා බෙදාහැරිම නවතා දමාවියැයි කිසිසේත් සිතිය නොහැකි බවද ශ්‍රී ලංකාවට පැමිණි පිරිස කොටි කණ්ඩායමේ මුදලට යටවුණ ලෙසට පදනම් රහිත චෝදනා එල්ල කිරීම අභාග්‍ය සම්පන්න දෙයක් බවද මේ පිරිස් පවසති.
මෙම කණ්ඩායම පැමිණීමෙන් ශ්‍රී ලංකාවට අවැඩක් සිදුවිය නොහැකිබවට රජයේ බලධාරීන්ට වාර්තා සපයන ලද මාධ්‍ය උපදේශකයින් යමක් පාගාගෙන ඇතිබව පෙනීයන බවද ඔවුහු පවසති.

Report from





Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top