රාජ්‍ය නායකයින්ගේ පැමිණීම හේතුවෙන් අධිවේගී මාර්ගය තාවකාලිකව වසා තැබේ - Katunayaka Express Way Closing Hours

Posted by Unknown on Tuesday, November 12, 2013 0

අද (13) පෙ.ව 09.45 සිට පෙ.ව 10.15 දක්වා කාලය තුළත්,ප.ව 6.30-7.00 දක්වාත්,රාත්‍රී 10.30-11.00 දක්වාත් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ සාමාන්‍ය ගමනාගමනය අත්හිටුවා තාවකාලිකව වසා තැබෙන බව පොලීසිය කියා සිටියි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවන රාජ්‍ය නායකයින්ගේ පැමිණීම හේතුවෙන් මාර්ගය පැය කිහිපයක් වසා දැමීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එසේම එම වේලාව තුළ නවකැලණි පාලම අසල සිට බොරැල්ල කනත්ත හංදිය දක්වා බේස්ලයින් මාර්ගයද,කනත්ත හංදියේ සිට බම්බලපිටිය දක්වා බෞද්ධාලෝක මාවතද,බම්බලපිටිය සිට පැරණි පාර්ලිමේන්තු වටරවුම දක්වා ගාලු පාරද වසා තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top