අන්තර්ජාලයේ ළමා අපයෝජන ඡායාරූප ගූගල් (google) සහ මයික්‍රොසොෆ්ට් බින්ග් (bing) සෙවුම ඉවත් කරයි

Posted by Unknown on Tuesday, November 19, 2013 0

ලොව ප්‍රධානතම අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර දෙකක් වන ගූගල් (google) සහ මයික්‍රොසොෆ්ට් බින්ග් (bing) මඟින් ළමා අපයෝජන ඡායාරූප අන්තර්ජාලය තුළින් සොයාගැනීම වැළැක්වීමට එම සමාගම් තීරණය කර ඇත‍.මෙසේ කලයුතු බවට සරස බහුමාධ්‍ය ජාලය වන අප ද ඉල්ලීමක් කර තිබුණි

මෙසේ සිදුවන 100,000 පමණ වූ සෑම සෙවීමක්ම ප්‍රතිඵල රහිත කිරීමටත් (No result) එවැනි ඡායාරූප නීතිවිරෝධී බව ප්‍රකාශ කරන අනතුරු ඇඟවීමක් ප්‍රදර්ශනය කිරීමටත් අදාළ සමාගම් දෙක තීරණය කර තිබේ.



එම සමාගම් ගත් මේ පියවර අපේ ඇතැම් මාධ්‍ය ද ආදර්ශයට ගෙන, දරුවන් සම්බන්ධව පුවත් හා ඡායාරූප පළ කිරීමේ දී වඩත් නිවැරදිව කටයුතු කරනු ඇතැයි වගකිව යුතු නාලිකාවක් ලෙස අපද ඉල්ලා සිටිමු 
විවිධ අපයෝජනයන්ට ලක් වූ, දූෂණයට පත් වූ දරුවන් සම්බන්ධ පුවත් ඡායාරූප මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීමෙන් එම දරුවන් නැවත නැවත අපයෝජනයට ලක් වන බව විය හැකි අතර එය එවැනි අපරාධ සඳහා පෙලඹවීමක් ඇති කිරීමක් ඇතිවෙය හැකි බවද මනෝ විද්‍යාත්මක මතයයි 

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top