මැක්රේ ශ්‍රී ලංකාවට පැමිණෙයි - Macrae arrives in Sri Lanka midst angry protests

Posted by Unknown on Tuesday, November 12, 2013 0

බොහෝ පිරිස් අකමැත්ත ප්‍රකාශ  කලද චැනල් 4 රූපවාහිනී නාලිකාවේ නිෂ්පාදක කැල්ලම් මැක්රේ හට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා ලබා දීමට පියවර ගනු ලැබුවේ, මෙරට පවතින සත්‍යය තත්ත්වය සියැසින්ම දැක බලා ගැනීමට හා වටහා ගැනීමට බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.ඔහු විසින් මේ වන විට ඇතිකරගෙන තිබෙන වැරදි ප්‍රතිරූපය නිවැරදි කරගැනීමටත්, හෘද සාක්ෂියට එකඟව සැබෑ තත්ත්වය වාර්තා කිරීමට මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුව යොදා ගත හැකි බවත් හෙතෙම අවධාරණය කළේය

යම් හෙයකින් මැක්රේ ශ්‍රී ලංකාවට විරුද්ධ මත ඉදිරිපත් කළහොත් එම අභියෝගයට මුහුණ දීමට ද රජය සූදානම් බව ද ඇමැතිවරයා පැවසුවේය  මැක්රේ පසුගිය කාලයේ සිදුකළ ඇතැම් දේවල් දිහා විමසුම් ඇසින් බලද්දී ඔහු දෙමළ ඩයස්පෝරාවේ කුලී හේවායෙක්, එල්ටීටීඊ සංවිධානයෙන් පඩිපතේ පුද්ගයෙක් ලෙස ක්‍රියාකර ඇතැයි පෙන්නුම් කර ඇති බව හෙතෙම කීවේය.
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ඊයේ(11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා එසේ ප්‍රකාශ කෙළේය.

කෙසේ වුවද කැල්ලම් මැක්රේට  විරුද්ධව දැඩි විරෝධත්වයක් කටුනායක  තොටුපලේදී පැවැත්විණි

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top