water cut in Ambalangoda & Balapitiya - ජල සැපයුම අත්හිටුවීම

Posted by Unknown on Wednesday, September 25, 2013 0

අම්බලන්ගොඩ සහ බලපිටිය ප්‍රදේශවලට හෙට(26) දිනයේ පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. 

බද්දේගම අම්බලන්ගොඩ පොම්පීය නල මාර්ගයේ තල්ගස්ගොඩ පාලම අසළ ප්‍රදේශයේ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. 

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පල කරන බවත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. 



Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top