රිටිගලට ආවේනික සම්ප්‍රධායික නැටුම් ගැයුම් -Ancient Dancing and singing in Ritigala

Posted by Unknown on Tuesday, September 10, 2013 0



"අරිට්‌ට" යන පදයේ "බිහිසුණු" යන අර්ථය ද ගැබ්ව ඇති බැවින් මෙය "බිහිසුණු පර්වතය" වශයෙන් ද දැක්‌විය හැකි බැව් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. රිටි නමැති ගස්‌ තිබූ බැවින් "රිටිගල" වූ බවට ද මතයක්‌ දක්‌වා ඇත.

වසර 1500 කට අධික කාලයක්‌ තිස්‌සේ සුවිශේෂී වැදගත්කමකින් යුතුව පැවැති මෙම කඳු අරණ 10 වැනි සියවසේ අග භාගයේදී මෙන්ම 11 වැනි සියවසේ ආරම්භයේදී ද ලංකාව ආක්‍රමණය කළ චෝල ජාතිකයන් අතින් විනාශයට පත්විය.



1872 වසරේදී රජයේ මිනින්දෝරුවෙකු වූ ඡේම්ස්‌ මැන්ටෙල් මහතා විසින් මෙම කඳු මුඳුනෙහි පර්යේෂණ මධ්‍යස්‌ථානයක්‌ (ගණිතය පිළිබඳ) පිහිටුවීමත් සමඟම එතෙක්‌ මෙම භූමි භාගයේ පැවැති නිහඬ බව බිඳී ගියේය.
අනතුරුව පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මහතා විසින්ද රිටිගල කන්ද පිළිබඳව පර්යේෂණයක්‌ කර ඇත. එම පර්යේෂණය යටතේ සොයාගත් පුරාවිද්‍යාත්මක තොරතුරු සිතියම් සහ සැලසුම් සහිතව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබිණි. එම වාර්තාව 1893 දී නිකුත් වූ අතර එහි රිටිගල පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු ඇතුළත් විය.

At the end of the tenth century, Ritigala came under the barrage of south Indian invasions. By the 10th-12th century AD Ritigala seems to had been abandoned by the hermit monks and soon it retreated into the jungles and rediscovered in the late 19th century by James Mantell, a government surveyor. A couple of decades later, the first archeological commissioner in Ceylon H.C. P. Bell visited Ritigala and published a report on his archeological investigations.

අපේ ඉතිහාසයේ සඳහන් නරවිරුවන් වූ පණ්‌ඩුකාභය රජු හා දුටුගැමුණු රජුගේ නම් ද රිටිගල කන්ද හා බැඳී පවතී. පණ්‌ඩුකාභය කුමරු තමන්ට එරෙහි වූ මාමාවරුන් සමඟ යුද වැදීමේදීත්. දුටුගැමුණු රජතුමා රට ආක්‍රමණය කළ සොළීන්ට එරෙහිව යුද වැදීමේදීත් මෙම රිටිගල කන්ද රැකවරණ ස්‌ථානයක්‌ ලෙස යොදා ගත් බැව් ඉතිහාසයෙහි සඳහන් වේ.

ඉන්දියානු සංස්‌කෘත මහා කාව්‍ය ග්‍රන්ථයක්‌ වූ රාමායණයෙහිද රිටිගල ගැන සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට ලංකාවේ රාවණා රජු සමඟ යුද වැදුණු ඉන්දියාවේ රාම රජුගේ සොහොයුරු ලක්‌ෂ්මන් කුමාරයාට යුද්ධයේදී තුවාල සිදුවී ඇත. එවිට ඉන්දියාවේ හිමාල වනයට ගොස්‌ ඖෂධ පැළෑටි රැගෙන එන ලෙස හනුමන් නමැති වානරයාට නියම කර තිබේ. එහි යන අතරතුර හනුමන්ට ඖෂධ පැළෑටිවල නම් අමතක වූ බැවින් ඔහු හිමාලයේ ඖෂධ උයනෙන් කොටසක්‌ම උදුරාගෙන ලංකාවට ගෙනැවිත් රිටිගල කන්දට අත හැරියේලු. අදත් රිටිගල කන්ද අගනා ඖෂධ පැළෑටිවලින් ගහන ස්‌ථානයකි.

රිටිගල වනපෙතට නායකයකු වූ යක්‌ෂ ගෝත්‍රික ජයසේන, මහසෝනා බවට පත්වී ඇත්තේද මෙම ස්‌ථානයේදී බව ජනප්‍රවාදවල සඳහන් වේ.

දුටුගැමුණු රජුගේ දස මහ යෝධයන්ගෙන් කෙනෙකු වූ ගෝඨයිම්බර - ජයසේන සමඟ පැවැති සටනේදී ගෝඨයිම්බරගේ අසිපත් පහරින් ජයසේනගේ හිස කඳින් වෙන්වී විසිවී ගිය බවත්, ජයසේනගේ මිතුරෙකු වූ සෙනසුරු තම මිත්‍රයාට සිදුවූ විපත අසා එතැනට දිව ආ බවත්, ජයසේනගේ හිස ඔහුට සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහු වලසෙකු මරා එම හිස ජයසේනගේ කඳට බද්ධ කළ බවත් ජනප්‍රවාදයෙහි එයි.



 ඓතිහාසික රිටිගලට  ආවේනික  සම්ප්‍රධායික නැටුම් ගැයුම් තිබෙ.මෙම සම්ප්‍රදායික කලාවන් සුරකිනු වස්
උතුරු මැද පළාතට හා ඓතිහාසික රිටිගලට උළෙලක්  පලුගස්වැව මහා විද්‍යාලයයේදී පැවැත්විණි.
පලුගස්වැව ප්‍රාදේශිය සංස්කෘතික බල මණ්ඩලය,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සංස්තෘතික  කටයුතු දෙපාර්තමේන්තුව මෙම  ‘රිටිගල පාමුල සාහිත්‍ය කලා මංගල්‍යය ‘ සංවිධානය කැර තිබිණි.
අංගම්පොර සටන් කවි, ගිනි සිසිල, පාරම්පරික බිලි ශාන්ති කර්ම,ඉපැරණි ජන ක්‍රීඩා,ජන ගායනා,ජන නැටුම්, ආදී රංගනයන්ගෙන්  මෙම අවස්ථාව හැඩවිය.
Ritigala is a beautiful and ancient village in sri Lanaka.It has famous rock fortress.its situated near by North central Province.to 43 Km ahead from Anuradhapura. රිටිගල අප රටට අලංකාරය ගෙන එන ස්‌වභාව සෞන්දර්යයෙන් අනූන කඳු වැටියකි.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top