නොවුඩ්, කැණියන් සහ ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු විවෘත කෙරේ.To day weather Sri Lanka

Posted by Unknown on Saturday, September 21, 2013 0


අද 22 09 2013 සැටලයිට් රූපසටහන 

මධ්‍යම කඳුරකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමඟ  ජලාශ වල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තාවෙයි.

නොවුඩ්, කැණියන් සහ ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබේ.

මේ නිසා පහත් බිමි ප්‍රදේශවල වාසය කරන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර නුවරඑළිය ප්‍රදේශය ආශ්‍රිත මාර්ගවල අධික මිදුම් තත්ත්වයක් පවතින බව ද  ඒ මහතා පවසයි.

විශේෂයෙන් නුවරඑළිය ගම්පොළ මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින හෙයින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා එහි ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අද(22) දිනය තුළ ද බස්නාහිර, දකුණ , සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ ද කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ තරමක රළු ස්භාවයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතැම් විට එම මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top