වාසනාවන්ත සැප්තැම්බරය - Lucky September

Posted by Unknown on Sunday, September 1, 2013 0


මේ වාසනාවන්ත සැප්තැම්බරයයි  පැරණි රෝම සමුහාණ්ඩු දින දර්ශනයට අනුව සැප්තැම්බර් මාසය වසරේ හත් වැනි මාසයයි.ලතින් භාෂාවෙන් සේප්තෙම් යනුවෙන් හැදින්වෙන්නේ අංක 7යි එමනිසා මේ මාසයට සැප්තැම්බර් යන නාමය භාවිතාවේ.සැප්තැම්බරය සාහිත්‍ය මාසයයි එය සාහිත්‍ය මාසය ලෙස ප්‍රකාශයට පත්කෙරුනේ 1956 වර්ෂයේදීය.පාඨකයන් පොත් පරිශීලනය යොමු කිරීම, ග්‍රන්ථ කතුවරුන් දිරිගැන්වීම සාහිත්‍ය මාසයේ අරමුනයි. සංවේදී පරපුරක් බිහිකිරීම උදෙසා කෙරෙන සාහිත්‍ය ක්‍රියාකාරකම් සඳහා නව පිබිදුමක් ලබා දීමට මෙම මාසයේ දී නිර්මාණ කරුවෝ එක්රොවෙති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයද මෙවර මේ මස 14 වන දින සිට 22 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එසේම එයට සමගාමීව විවිධ උත්සව, දේශණ ලංකාව පුරාම සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

ලංකාවේ පළමු ගුවන් සේවය AIR LANKA  ආරම්භ කලේද 1979 සැප්තැම්බර් 1 වෙනිදාය

ලංකා පිගන් සංස්ථාව ආරම්භ කලෙත් සැප්තැම්බරයේය.ඒ 3 වෙනිදාය 
ලෝකයේ සිදුවීම් අතර චාර්ල්මග්නේ නම් රෝම පාලකයා සැප්තැම්බරය හැඳින්වුයේ අස්වනු මාසය ලෙසටයි ඉන්දියාව සැප්තැම්බර් 5 වනදා ඔවුගේ ගුරු දිනය ලෙස සමරති. උස්බෙකිස්ත්නයේ ජාතික දිනය ලෙස සැප්තැම්බර් පළමුවෙනිදා ඔවුන් සමරති. වියට්නාමයේ ජාතික දිනයද සැප්තැම්බර් 2 දාය.ඇමරිකාවේ පෙන්ටගනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුයේද සැප්තැම්බර් 11 වෙනිදාය.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top