නව අධිවේ‍ගයේ නොමිලේ ගමන් කිරීමට අවස්ථාවක් - Colombo Katunayaka Expressway for Free

Posted by Unknown on Thursday, October 31, 2013 0

කොළඹ - කටුනායක අධිවේගි මාර්ගය භාවිත කරමින් කොළඹ නගරයෙන් පිටවිමට සහ කොළඹ නගරයට ඇතුල්විමට වාහන රියදුරන් සඳහා නොමිලේ අවස්ථාව ලබාදී තිබේ.

 කැලණි පාලම අසළ සිදුවන වාහන තදබදය අවම කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත

ඒ අනුව කොළඹ නගරයෙන් මීගමුව පාරට ගමන් කරන වාහන නව කැලණි පාලමෙන් අධිවේගි මර්ගයට ඇතුලු වි කිලෝමිටර් දෙකක දුරක් ගමන් කර වමට හැරී මත්ස්‍ය වෙළඳ සංකිර්ණය අසළින් මිගමුව මාර්ගයට පිවිසිය හැකියි.

කොළඹ නගරයෙන් නුවර පාරට ගමන් කරන වාහන නව කැලණි පාලමෙන් අධිවේගි මර්ගයට ඇතුලු වි කිලෝමිටර් දෙකක දුරක් ගමන් කර වමට හැරී මත්ස්‍ය වෙළඳ සංකිර්ණය ඉදිරිපිටින් දකුණට හැරී අධිවේගී මාර්ගයේ ගුවන් පාලම මතින් ගොස් තොරණ හන්දියෙන් නුවර පාරට පිවිසිය හැකි බව පොලිසිය පවසයි.

කෙසේවෙතත් ට්‍රැක්ටර්, ත්‍රී රෝද රථ, යතුරුපැදි, පාපැදි, කරත්ත කිසිදු අවස්ථාවක අධිවේගිමාර්ගයට ඇතුලු කිරිමට අවස්ථාව ලබා නොදෙන බව පොලිසිය දැනුම් දෙයි.

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top