පුංචි පහේ හපන්නු - Grade 5 scholarship exam results

Posted by Unknown on Tuesday, October 1, 2013 0


අද ලෝක ළමා දින සැමරුම් අතරට මතකයේ රැඳෙන සැමරුම 5හේ පුංචි හපන්නුන්ට ලැබී තිබේ ඒ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපලයි මෙවර ශිෂ්‍යත්ව විභාගේ දිවයිනේ වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ මහින්ද විද්‍යාලයේ සඳරු තත්සර බාලහේවා ශිෂ්‍යයා බව වාර්තා වෙයි. ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 198කි.

එසේම මෙවර විභාගයේ දෙවන ස්ථාන ශිෂ්‍යයන් 3කු විසින් ලබාගෙන ඇත.ඒ ගොඩගම සුබාරතී විද්‍යාලයේ කාවින්ද්‍යා ගිම්හානී සිසුවිය, බෙලිහුල්ඔය කරගස්තලාව විද්‍යාලයේ දොන් හේෂාන් චානුක සිසුවා සහ කෑගල්ල/ බණ්ඩාරණායක කණිෂ්ඨ විද්‍යාලයේ ජීනාලි විදුලංකා මුණසිංහ සිසුවිය ලකුණු 196ක් ලබාගෙන දෙවන ස්ථානයට පත්ව තිබේ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තමිඳු ස්වර්ණා ද සිල්වා, අම්බලන්තොට ථේරපුත්ත ප්‍රථමික පාසලේ ශෙණුක දූලාන්ජන ආරියප්‍රේම, ඕපනායක විද්‍යාකර ප්‍රාථමික පාසලේ නුරංසි රොනෙන් ගමගේ, කුලියාපිටිය අස්සැද්දුම සූභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ ඉසුරු කැලුම් කුමාර, කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයේ සජනි සදිස්නා මැණිකේ විජේසිංහ යන සිසුන් ලකුණු 195ක් ලබා ගනිමින් දිවයිනේ තෙවන ස්ථානයට පත් වී ඇත.

ඒ අනුව වඩා ඉහලමට්ටමකට ලකුණු  වී තිබේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණු මට්ටම ලකුණු වනුයේ 160ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අදාළ ප්‍රතිඵල පාසල්වලට තැපැල් මගින් නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් සිසුන් තුන් ලක්ෂ 22,455 දෙනෙකු පෙනී සිටින ලදී.
පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මින් ඉදිරියට ලෝක ළමා දිනයදා (ඔක්තෝ­්බර් 01දා) නිකුත් කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
.
 දරුවන් වෙනුවෙන් වෙන්කර තිබෙන දිනය වන ලෝක ළමා දිනයදා ඉදිරි සෑම වසරකම පවත්වන පහ වසර ශිෂ්‍යත්ත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිමට පියවර ග්නා බව අධ්‍යාපන ඇමැතිතුමා අවධාරණය කළේය.
සේයා රු දිනමිණ

The Grade 5 Scholarship examination results for year 2013 have been released today, the Examinations Department announced.The results sheets for the rural areas will be posted and the examination results will also be released through the web site www.doenets.lk


.


Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top