ජාතික ඩෙංගු මර්දන සතිය 7 සිට 13 දා දක්වා

Posted by Unknown on Sunday, October 6, 2013 0

 ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි මෙම මදුරුවා සුදුපාට ලප සහිත (කොටියකු මෙන් ලප ඇති) මදුරු විශේෂයකි. ඊඩ්ස් ඊජිට්යි, ඊඩ්ස් ඇල්බොපික්ටස් හා ඊස් පොලිනේසියන් මේ අතර කැපී පෙනෙන මදුරු වර්ගයයි.ඩෙංගු ආසාදිත පුද්ගලයකුගෙන් ලේ රුධිරය සමඟින් ඩෙංගු වයිරසය ඇතුළු වේ. එම මදුරුවා වෙනත් පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට ඩෙංගු වයිරසය අඩංගු මදුරු කේඨයද එම පුද්ගලයාගෙන් සිරුරට ඇතුළු වේ. මෙසේ ඩෙංගු රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය.ඩෙංගු මදුරුවන් බොහෝ විට දෂ්ඨ කරනුයේ දිවා කාලයේදී පමණි.
ඩෙංගු රෝගය ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හා ඩෙංගු කම්පන සහලක‍ෂණ යන විවිධ මට්ටම් වලින් හට ගනී.

ඩෙංගු මාරාන්තිකය මේ තත්වයෙන් ජනතාව බේරාගනු වස් ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.මෙය 07 වනදා (අද)සිට ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

ඒ අනුව අදාළ කාලය තුළ එක් එක් දිනයන් සඳහා වෙන් වෙන් අංශ යටතේ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඩෙංගු මර්දන සතිය තුළ සෑම නිවසකම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා පරිශ්‍රවල මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඒවා විනාශ කිරීම අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වලින් සියයට 85ක්ම නිවෙස් ආශ්‍රිතව පවතින බව කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඩෙංගු රෝගය ගැන තොරතුරු මෙතනින් බලන්න

Tagged as:
About the Author

Write admin description here..

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 comments:

Powered by Blogger.

Translate

back to top