What's New Here?

කාසල්රි යලි ගිනිගනී - kasalri on Fire

කාසල්රි ජලාශ රක්ෂිතයේ යලිත් වරක් අද උදෑසන  ගින්නක් හට ගත් බව නොර්වුඩ් පොලීසිය ප්‍රකාශ කළා
නිව්වැලිවත්ත ප්‍රදේශයෙන්  මෙම ගින්න   ආරම්භ වී ඇති අතර  අක්කර අටක් පමන මේ වන විට දැවි ගොස් ඇත මීට පෙරද කීප වතාවක් මෙම රක්ෂිතය අවට ගිනිගෙන තිබෙනවා අවසන් වරට ගිනිගෙන ඇත්තේ පසු ගිය සැප්තැම්බර් 29 වනදාය
 නෝර්වුඩ් පොලිසියත්  වතුකම්කරුවනුත්  එකතුවෙන් ගින්න නිවා දැමිමට කටයුතු කරයි

කාසල්රි යලි ගිනිගනී - kasalri on Fire

Posted by Unknown No comments

කාසල්රි ජලාශ රක්ෂිතයේ යලිත් වරක් අද උදෑසන  ගින්නක් හට ගත් බව නොර්වුඩ් පොලීසිය ප්‍රකාශ කළා
නිව්වැලිවත්ත ප්‍රදේශයෙන්  මෙම ගින්න   ආරම්භ වී ඇති අතර  අක්කර අටක් පමන මේ වන විට දැවි ගොස් ඇත මීට පෙරද කීප වතාවක් මෙම රක්ෂිතය අවට ගිනිගෙන තිබෙනවා අවසන් වරට ගිනිගෙන ඇත්තේ පසු ගිය සැප්තැම්බර් 29 වනදාය
 නෝර්වුඩ් පොලිසියත්  වතුකම්කරුවනුත්  එකතුවෙන් ගින්න නිවා දැමිමට කටයුතු කරයි

එ ජා ප නායකයා යලි රනිල්මයි - Ranil never Resigned

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යයාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැසවීමක් පක්ෂ මුලස්ථානයේ ඊයේ හවස පැවැත්වුවා.එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම මැතිවරණ පරාජය වීම නිසා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්ව තනතුරෙන් ඉල්ලා අස්වන බවද ඇතැම් පිරිස් කියා සිටියා. එසේම ඔහු ඉල්ලා අස්විය නොයුතු බවට විරෝධතා දක්වපු පිරිස්ද ඒ අතර සිටියා.කෙසේ වුවත් පක්ෂ නායකත්වයේ වෙනසක් වෙනුවට පක්ෂය දිනන මාවතට ගෙන ඒම සඳහා උත්තරීතර මණඩලයක් පත් කිරීම කල යුතුබව යෝජනා  උනා.එම මණ්ඩලය සඳහා පත් වන්නේ කව්රුන්ද යන්න ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතයි.එම මණ්ඩලයේ සභිකයනට නායකත්වයේ සමහර බලතල පාවිච්චි කළහැකි බව එහිදී ප්‍රකාශ කෙරුණා .
 
එජාප ජාතික සංවිධායක දයා ගමගේ හා සභාපති ගාමිණි ජයවික්‍රම පෙරේරා යන මහත්වරු සිය ධුරවලින් ඉවත්වීමට තීන්දුකොට ඇති බවත් එම තනතුරුවලට අදාළ සුදුස්සන් ඉදිරියේ දී නම් කරන බවත් එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කෙළේය.

ජාතික ඩෙංගු මර්දන සතිය 7 සිට 13 දා දක්වා

 ඩෙංගු රෝගය ඊඩ්ස් මදුරුවා රෝග වාහකයා කරගත් රෝගයකි මෙම මදුරුවා සුදුපාට ලප සහිත (කොටියකු මෙන් ලප ඇති) මදුරු විශේෂයකි. ඊඩ්ස් ඊජිට්යි, ඊඩ්ස් ඇල්බොපික්ටස් හා ඊස් පොලිනේසියන් මේ අතර කැපී පෙනෙන මදුරු වර්ගයයි.ඩෙංගු ආසාදිත පුද්ගලයකුගෙන් ලේ රුධිරය සමඟින් ඩෙංගු වයිරසය ඇතුළු වේ. එම මදුරුවා වෙනත් පුද්ගලයෙකුට දෂ්ඨ කළ විට ඩෙංගු වයිරසය අඩංගු මදුරු කේඨයද එම පුද්ගලයාගෙන් සිරුරට ඇතුළු වේ. මෙසේ ඩෙංගු රෝගය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකිය.ඩෙංගු මදුරුවන් බොහෝ විට දෂ්ඨ කරනුයේ දිවා කාලයේදී පමණි.
ඩෙංගු රෝගය ඩෙංගු උණ, ඩෙංගු රක්තපාත උණ හා ඩෙංගු කම්පන සහලක‍ෂණ යන විවිධ මට්ටම් වලින් හට ගනී.

ඩෙංගු මාරාන්තිකය මේ තත්වයෙන් ජනතාව බේරාගනු වස් ජාතික ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.මෙය 07 වනදා (අද)සිට ලබන 13 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි .

ඒ අනුව අදාළ කාලය තුළ එක් එක් දිනයන් සඳහා වෙන් වෙන් අංශ යටතේ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඩෙංගු මර්දන සතිය තුළ සෑම නිවසකම රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන හා පරිශ්‍රවල මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඒවා විනාශ කිරීම අනිවාර්යය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වලින් සියයට 85ක්ම නිවෙස් ආශ්‍රිතව පවතින බව කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඩෙංගු රෝගය ගැන තොරතුරු මෙතනින් බලන්න

ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ ගුණ සමරමු - Chandrarathna Manawasinghas 49 th commemorate

කවියෙකු, ගීත රචකයෙකු  සහ පුවත්පත් කලාවේදියකු වූ චන්ද්‍රරත්න මානවසිංහයන් ගේ ගුණ සැමරුම්  දිනය අද ඔක්තෝබර් 4 වනදාට යෙදී තිබෙනවා 
 
චන්ද්‍රරත්න මානවසිංහ මහතා  ලංකාදීප පුවත්පතෙහි කර්තෘ මණ්ඩලයේ ද සේවය කරමින් ලියු වගතුග  තීරු ලිපි ඉතා ඉහල පාඨක ප්‍රතිචාරයක් ලබා ගැනීමට සමත් උනා . ඔහු රචනා කළ ගීත රැසක් ගුවන් විදුලිය ඔස්සේ රසවිඳීමට මෙරට ශ්‍රාවකයින්ට අවස්ථාව උදාවිය. ඒ  අතර ම ඔහු ගුවන් විදුලියට ගීත නාටක කලාවක් ද හඳුන්වා දුන්නේය. මනෝහාරී එහි ප්‍රථම ගීත නාටකයයි.  

ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ වර්තමාන සිංහල ගී සින්දු හෙවත් ගේය පද සාහිත්‍යයේ පුරෝගාමියකු ලෙස හැඳින්විය හැකියි. වසර 51ක් වූ ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ ඔහු පත‍්‍රකලාවේදියකු ලෙස නව ආරක පුවත්පත් කලාවක් ද හඳුන්වා දුන්නා. ‘ලංකාදීප’ය සිංහල පුවත්පත් නව මඟකට ගෙන යද්දී ඔහු ඊට උර දුන්නා  

ඔහු දකුණු පළාතේ බෙලිඅත්තට නුදුරු පුවක්දණ්ඩාව ගමේ උපන්නේ 1914 ජූනි 19 වැනිදායි. ඔහු මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ බෙලිඅත්තේ ශී‍්‍ර පඤ්ඤානන්ද විදුහලෙනි. ඒ කාලයේ ම ඔහු එම ප‍්‍රදේශයේ ප‍්‍රකටව සිටි ජී.පී. පියදාස කවියාගෙන් කාව්‍ය ශාස්ත‍්‍රය ඇතුළු ප‍්‍රාචීන භාෂා පිළිබඳ දැනුම ලබා ගත් බව සඳහන් වෙනවා.

ඔහු 12 හැවිරිදිව සිටියදී පුවක්දණ්ඩාවේ සාරානන්ද නායක හිමියන් ඇසුරේ පැවිදි බිමට ඇතුළත් වුවද වැඩි කලක් සිවුරේ රැඳුණේ නැත. කතරගම කිරිවෙහෙර අසල විහාරස්ථානයේ කෙටිකලක් සාමනේර නමක් ලෙස වැඩි සිට සිවුර හැර දමා ගිය ඔහු ඊළඟට මීගමුවේ අඟුරුකාරමුල්ලේ පන්සලේ දී යළිත් වරක් පැවිදි වුණා. මෙසේ දෙවරක් ම උපැවිදි වූ ඔහු ඊළඟට කළේ ඉන්දියාවට ගොස් වංග (බෙංගාලි) හා හින්දි භාෂාත් භාරත සංස්කෘතියත් හැදෑරීමයි. 

පෙරළා ලංකාවට පැමිණි ඔහු එවකට පැවති ‘හෙළදිව’ පුවත්පතෙහි සංස්කාරක මණ්ඩලයට එක් වුණා. එසේ පත‍්‍රකලාවේදියකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඔහු 1944 දී විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ මාතර කපුගම ශී‍්‍රමතී වසන්ත කුමාරි හේවාකළුගමගේ සමගයි. ඔහු ‘ලංකාදීප’ පත‍්‍රය හා එක් වන්නේ 1947 දී එහි ආරම්භයත් එක්කයි. ඔහුගේ නිර්මාණශීලිත්වයේ ඵල නෙළා ගැනීමට සිංහල පාඨකයන්ට අවස්ථාව ලැබෙන්නේ ඉන්පසුවයි.

‘ග‍්‍රැමෆෝන් යුගයේදී අනුකාරක මාවත ඔස්සේ ගමන ආරම්භ කළ ආනන්ද සමරකෝන් එයින් මිදී, අපේ පා බිම තබා ගමන් කළ හැකි ගල් මුල්වලින් තොර මාර්ගයක් ඉදි කළේය. ඒ මාර්ගයෙහි වූ වළ ගොඩැලි ඉවත් කොට, යහපත් මාවතක් ගී සින්දු ලෝකයට තනා දුන්නේ ශී‍්‍ර චන්ද්‍රරත්න මානවසිංහ මහතාය.’ යනුවෙන් මඩවල ඇස්. රත්නායක ඔහුගේ ‘ගී සින්දු සාහිත්‍ය’ නම් කෘතියෙහි සඳහන් කර තියෙනවා.

මානවසිංහයන්ගේ නිර්මාණශීලිත්වය හඳුනා ගන්නත් ඒ නිර්මාණවල රස විඳින්නත් හොඳම මග ඒ නිර්මාණ  කිරීමයි. විවිධ පැතිකඩ ඔස්සේ ඔහු දැක්වූ  ප‍්‍රතිභාව අති විශිෂ්ටයි 

මානවසිංහයන් සිය අදහස් ප‍්‍රකාශනය සඳහා කවීන් විසින් සුලබව භාවිතයට නොගන්නා වදන් යොදා ගැනීමට අති දක්ෂයෙක් .සමහර ඒවා අප දන්නා වදන් වුනත් ඔහු ඒවා එක්කරන්නේ එතෙක් නොලද රසයක් ජනිත කරවීමටයි. ඔහු ‘ලංකාදීපය’ට ලියූ බොහොමයක් කවි පළ වූයේ ‘සඳරුවන්’ යන නමිනුයි.     
වෙසක් මිහිර

කුසුම් පිපී අතු පතරේ සතර දිගන්තේ
කෝකිල කූජනය නැගේ මධුර වසන්තේ

ගලන ඇලේ හෙළ පහරේ පෙණ පිඬු පාවේ
පැයෙන් පැයට විසිතුරු සුදු බුදු රැස් ගෑවේ

වන වදුලේ ගස් මුදුනේ පුන් සඳ එළියේ
ඈත පෙනේ ළපළු රැඟුම් මඳ සිලි සිලියේ

නැටෙන ජලේ කමල දලේ දිය බිඳු සෙලවේ
බුදු ගුණ ගීයක තාලය හෙමිහිට මතුවේ

මහ කරුණා මෙත් සිසිලයි සුළඟ ගෙනෙන්නේ
මහමුනි මහමුනි කියලයි කොළ නැටවෙන්නේ

ලේන පැටවු කයිතාලම් ජයට ගයද්දී
කුරුල්ලනේ ගීත ගයවු වෙසක් ලබද්දී

මෙවන් රස පූර්ණ ගීත ඇතුළත් ගීත නාටක රාශියක් නිර්මාණය කළ මානවසිංහ එක් වරම හදිසියේ ම ගුවන් විදුලියට ගීත නාටක ලිවීම නතර කර දැම්මා. ඒ තමාගේ නව නිර්මාණයක් වූ ගීත නාටක ලිවීමට තවත් අයටත් අවස්ථාව ලබා දීමට ගුවන් විදුලියේ පාලන අධිකාරිය තීරණය කිරීමත් සමගයි. ඒ නිසා ඔහුගේ නිර්මාණවල අපූර්වත්වය දකින්නට ඉන්පසු අපට අවස්ථාවක් සැලසුණේ නැත.

වසර දසක දෙකක් වැනි කෙටි කාලයක් තුළ මානවසිංහයන් ගීතයට කළ මෙහෙය වෙනත් කිසිවකු නොකළ තරම් විශාලයි. අනූපමයි. අද මේ නිර්මාණ බොහොමයක් පොත් වශයෙන් පළ වී තියෙනවා. ඒ නිසා නව නිර්මාණකරුවන්ටත් ගී රස විඳින්නන්ටත් ඉන් ලද හැකි ප‍්‍රයෝජනය අති මහත් බව කිව හැකියි.
ඔහු 1964 ඔක්තෝබර් 04 වන දින සදහටම මෙලොවින් සමු ගන්නා විට 50 වියේ පසු උනා මේ ඔහුගේ 49 වන ගුණ සැමරුමයි. 

විදුලි පණිවුඩ සේවය අවසන් End of Telegram service

දුරකථන, ජංගම දුරකථන ඇතුළු නව තාක්ෂණයේ ආගමනය සමඟම සන්නිවේදන පහසුකම් වැඩි දියුණු වීමත් සමඟම විදුලි පණිවුඩ භාවිතය පහල වැටීම මෙන්ම විදුලි පණිවුඩ යැවීම පිණිස ඉතා විශාල මුදලක් වැයවීමත් හේතුවෙන් මෙම තීන්දුවට එළැඹුණු බවයි, තැපැල්පති රෝහණ අබේරත්න මහතා ප්‍රකාශකර සිටියේ.
විදුලි පණිවුඩ සේවය, මීට දශක ගණනාවකට ඉහතදී බ්‍රිතාන්‍ය පාලනය යටතේ පිහිටවනු ලැබූවක්
"විදුලි පණිවුඩයක් යැවීම සඳහා රුපියල් දෙසිය හතලිහක පමණ වියදමක් දරන්න වෙනවා. ඒ සඳහා අය කිරීම වෙන්නේ රුපියල් තුනක්," යනුවෙන් ද ඔහු පැවසීය.

ගතව ගිය මාසයේ පමණක් විදුලි පණිවුඩ ලක්ෂ එක් ලක්ෂ පන්ස දහසක් පමණ යවා තිබෙන නමුත් එය සාපේක්ෂව විශාල පහල වැටීමක් බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

එක් දහස් හත් සියයක පමණ පිරිසක් පණිවුඩකරුවන් ලෙසින් විදුලි පණිවුඩ බෙදා හැරීමේ නිරතව සිටි අතර ඔවුන්ගේ සේවය වඩාත් ඵලදායී ලෙසින් යොදා ගැනීමත් විදුලි පණිවුඩ බෙදා හැරීම නවත්වා දැමීමේ තවත් අරමුණක්.

The Sri Lankan government plans to stop the telegram service in the country from the end of October.

Telecommunication & Information Technology Minister Ranjith Siyambalapitiya said the service would be discontinued from October 31st.

Postal Ministry Secretary Hemasiri Fernando has earlier said that transmitting telegrams through a network of postal messengers across the country was too expensive.

According to him, telegrams while being too expensive have competition from e-mail, courier and short message services on mobile phones.

The Telecommunication & Information Technology Ministry says that only an average of about 50 telegrams are being sent on a daily basis.

අලුත්වැව සෝරත නාහිමියන් දැයෙන් සමුගනී

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක සහ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ ශ්‍රි දේහය පිළිබද ආදාහන පූජෝත්සවයඊයේ (02)  දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම්මැද කතරගම පොදු ක්‍රීඩාංගණයේදී රාජ්‍ය ගෞරව සහිතව පැවැති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ මහ සඝරුවන, පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු, රජයේ උසස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්  මේ අවස්ථාවට එක්ව සිටියහ.

දායක සභාව විසින් නාහිමියන්ගේ ශ්‍රී දේහය කරමතින් අංක 03 පාලම දක්වා උඩුවියන්, පාවාඩ, හේවිසි ශබ්ද පූජා මධ‍්‍යයේ වැඩම කරවනු ලැබූ අතර කතරගම ගංගාරාම විශ්‍රාම ශාලාව අසලින් රථ පෙරහරින් ආදාහන පෙරහැර ගමන් ආරම්භ කෙරිණි. හේවිසි කණ්ඩායම්, කතරගම ජනාධිපති ජාතික පාසලේ සිසු දරුවන්, විහාරස්ථ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ සිසු දරුවන් හා ඌව විශ්වවිද්‍යාලයේ සිසුහු කොඩි සේසත් මුරායුධ නෙලුම් මල් අතැතිව ඉදිරියෙන් ගමන් කළහ.
 ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වශේෂ හෙලිකොප්ටර් යානාවකින් මල් ඉසීමද විශේෂත්වයක් විය.

මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමි, අමරපුර මහා නිකායේ අනුනායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම, දකුණු පළාතේ පුධාන සංඝනායක පල්ලත්තර සුමනජෝතී, ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමවරුන්, ජනාධිපති මහින්ද රාජපක්ෂ, අගමැති දී.මු ජයරත්න, කතානායක චමල් රාජපක්ෂ, පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්, අමාත්‍යාංශ හා රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රදේශවාසීන් ඇතුළු ගිහි පැවිදි අති විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

පුංචි පහේ හපන්නු - Grade 5 scholarship exam results

අද ලෝක ළමා දින සැමරුම් අතරට මතකයේ රැඳෙන සැමරුම 5හේ පුංචි හපන්නුන්ට ලැබී තිබේ ඒ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපලයි මෙවර ශිෂ්‍යත්ව විභාගේ දිවයිනේ වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ මහින්ද විද්‍යාලයේ සඳරු තත්සර බාලහේවා ශිෂ්‍යයා බව වාර්තා වෙයි. ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව ලකුණු 198කි.

එසේම මෙවර විභාගයේ දෙවන ස්ථාන ශිෂ්‍යයන් 3කු විසින් ලබාගෙන ඇත.ඒ ගොඩගම සුබාරතී විද්‍යාලයේ කාවින්ද්‍යා ගිම්හානී සිසුවිය, බෙලිහුල්ඔය කරගස්තලාව විද්‍යාලයේ දොන් හේෂාන් චානුක සිසුවා සහ කෑගල්ල/ බණ්ඩාරණායක කණිෂ්ඨ විද්‍යාලයේ ජීනාලි විදුලංකා මුණසිංහ සිසුවිය ලකුණු 196ක් ලබාගෙන දෙවන ස්ථානයට පත්ව තිබේ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තමිඳු ස්වර්ණා ද සිල්වා, අම්බලන්තොට ථේරපුත්ත ප්‍රථමික පාසලේ ශෙණුක දූලාන්ජන ආරියප්‍රේම, ඕපනායක විද්‍යාකර ප්‍රාථමික පාසලේ නුරංසි රොනෙන් ගමගේ, කුලියාපිටිය අස්සැද්දුම සූභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ ඉසුරු කැලුම් කුමාර, කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයේ සජනි සදිස්නා මැණිකේ විජේසිංහ යන සිසුන් ලකුණු 195ක් ලබා ගනිමින් දිවයිනේ තෙවන ස්ථානයට පත් වී ඇත.

ඒ අනුව වඩා ඉහලමට්ටමකට ලකුණු  වී තිබේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් ලකුණු මට්ටම ලකුණු වනුයේ 160ක් බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. අදාළ ප්‍රතිඵල පාසල්වලට තැපැල් මගින් නිකුත් කිරීමට ද පියවර ගෙන ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරයි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසල් සිසුන් තුන් ලක්ෂ 22,455 දෙනෙකු පෙනී සිටින ලදී.
පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මින් ඉදිරියට ලෝක ළමා දිනයදා (ඔක්තෝ­්බර් 01දා) නිකුත් කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
.
 දරුවන් වෙනුවෙන් වෙන්කර තිබෙන දිනය වන ලෝක ළමා දිනයදා ඉදිරි සෑම වසරකම පවත්වන පහ වසර ශිෂ්‍යත්ත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිමට පියවර ග්නා බව අධ්‍යාපන ඇමැතිතුමා අවධාරණය කළේය.
සේයා රු දිනමිණ

The Grade 5 Scholarship examination results for year 2013 have been released today, the Examinations Department announced.The results sheets for the rural areas will be posted and the examination results will also be released through the web site www.doenets.lk

Powered by Blogger.

Translate

රේඩියෝ අහපු අය

back to top