What's New Here?

අම්බලන්ගොඩ සහ බලපිටිය ප්‍රදේශවලට හෙට(26) දිනයේ පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. 

බද්දේගම අම්බලන්ගොඩ පොම්පීය නල මාර්ගයේ තල්ගස්ගොඩ පාලම අසළ ප්‍රදේශයේ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. 

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පල කරන බවත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. 

water cut in Ambalangoda & Balapitiya - ජල සැපයුම අත්හිටුවීම

Posted by Unknown No comments

අම්බලන්ගොඩ සහ බලපිටිය ප්‍රදේශවලට හෙට(26) දිනයේ පැය 12 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 

ඒ අනුව හෙට පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. 

බද්දේගම අම්බලන්ගොඩ පොම්පීය නල මාර්ගයේ තල්ගස්ගොඩ පාලම අසළ ප්‍රදේශයේ නල මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බව ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. 

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ කණගාටුව පල කරන බවත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. 

0 comments:

අංගම් පොර සටන් කළාවේ ආරම්භය මීට අවුරුදු 33000 කට එපිට අතීතයට දිවයයි. හෙළය තුල ජීවත්වෙච්ච යක්ෂ , නාග , දේව , රාක්ෂ යන ජනවර්ගයන් පොදුවේ අසුරයන්; (සුර - අසුර යුද්ධයේදී) තමන්ට ඉන්දියාවෙන් එල්ලවන තර්ජන වලින් ආරක්ෂාවිම සදහා මෙම සටන් ක්‍රමය භාවිතා කළා. ක්‍රමයෙන් වර්ධනය වු අංගම් ශිල්පය තාරක රජු විසින් ස්කන්ධ කුමාරයාගේ ලංකා ආක්‍රමනයට එරෙහිව යොදාගන්නට ඇති බවට සාක්ෂි ඇත.  අප සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු ශරීරයේ නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි. රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රබල ද  කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා මල්පැලක් සකස් කොට රාවණා ස්තෝත්‍ර කියා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවයි . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය .

අංගම් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හඳුනාගත හැකිය. රාවණා රජු නිල ශාස්ත‍්‍රය පිළිබඳ විශේෂඥයෙකි. රාමායනය නැමැති ඉන්දියානු සංස්කෘතික මහා කාව්‍යයෙහි දැක්වෙන රාවණා නම් ලංකාධිපතියා කල්පිත අධිරාජයකු නොව ක‍්‍රියාත්මක වූ පාලකයකු බව දැනට මුහුදට යටව ඇති රාවාණා කෝට්ටේ සහ වෙනත් ගවේෂණය නොකළ රාවණා ඇල්ල, සීතා එළිය, ආදී ස්ථාන පර්යේෂණයට භාජනය කිරීමෙව් දැනගත හැකි වන අතර රාවණාගේ සොහාන පවා පිරමීඩයක ආකාරයෙන් නිමවා ඇති අයුරු සොයාගත හැකිවේ යැයි රාවණා රජු පිළිබඳව කිරි ඇල්ලේ ඥාන විමල හිමියන් මෙසේ පවසයි..
රාවණා රජු පිළිබඳව බොහෝ දෙනා තුල ඇත්තේ සෘණාත්මක සංකල්පයකි’ එහෙත් රාවණා රජු යනු ලෝක පුජිත රජ කෙනෙකි. අංගම් ශිල්පයෙන් උපරිම ඵල නෙලාගත් අයෙකු ලෙසද රාවණා රජු  හැඳින්වීය හැක.
අංගම් කලාව සතු සියලූම කලාවන් මනාව ප‍්‍රගුන කළ මොහු ඒ පිළිබඳව ග‍්‍රන්ථ කීපයක්ද ලියා ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එතෙක් මෙතෙක් මෙලක් දෙරණේ රාජ්‍යත්වයට පැමිණි රජවරුන් අතර අංගම් ශිල්පය ප‍්‍රගුන කල එකම  අංගම් ශිල්පියා මොහුය. මොහු පමණක් නොව මොහුගේ ඇත් අස් රිය පාබල යන සියලූ යුධ සේනාංක වල හේවායන් ද අංගම් සටන් ශිල්පය ප‍්‍රගුණ කළ අය වූහ.

අංගම් සටන් ගැන කියවෙද්දී කොරතොට අංගම් සටන් ගැන නොකියාම බැරිය කොරතොට හා ඇඹුල්ගම විහාර ද්විත්වය අතර බිම්කඩ යක්ෂ ගෝත්‍රික සටන් ශිල්පීන්ට අයත් බව පැරණි සුන්දල පූර්ණිකා ග්‍රන්ථයේ සඳහන් වන අතර ඊට අමතරව පණිත මහ රජුගේ කාලයේදී සුමන සමන් නම් පාලකයාගේ ප්‍රධාන සටන් මධ්‍යස්ථානය වූයේ කොරතොට බව පුරාණ කොරතොට කන්දේ සෙල්ලිපි වලින් සනාථ වේ. මෙම සෙල්ලිපි ක්‍රිස්තු පූර්ව යුගයට අයත් බව වත්මන් පුරාවිද්‍යාඥයින්ගේ පිළිගැනීමයි. පරුමුක නම් යක්ෂ ගෝත්‍රික නායකයන් ගැන කියවෙන මෙම සෙල්ලිපිය පරීක්ෂාවට ලක්කළ පුරාවිද්‍යාඥයින් පවසන්නේ විහාරමහා දේවියගේ අධීක්ෂණයෙන් වේලු සුමන විසින් සටන් පුහුණු කරන ලද සටන් පාසලක් කොරතොට ආශ්‍රිතව තිබූ බවයි. පරුමුක සුමන යනුවෙන් මෙම සෙල්ලිපියේ සඳහන් වන්නේ වේලුසුමන පිළිබඳ වන බවත් එසේම එහි සඳහන් වන මහඹි කුමරිය යනු විහාරමහා දේවිය බවත් පිළිගැණේ. ස්ටීවන් තුකෝරළ නම් කතුවරයාගේ "දශක හතක් ලෙයින් නැහැවුණු මුල්ලේරියාව" නම් පොතේ මෙම කරුණු පැහැදිලිව දක්වා ඇත. මෙයට අමතරව "ශිලා ලේඛන සංග්‍රහය" නම් පොතේ දී කොරතොට සෙල්ලිපිය ක්‍රි.පූ. යුගයට අයත් බව සඳහන් වේ. ඉහත සාහිත්‍යාත්මක හා පුරා විද්‍යාත්මක සාක්ෂි මතින් ඔප්පු වන කොරතොට ආශ්‍රිත භූමි භාගය ප්‍රාග් ‍ඓතිහාසික යුගයට අයත් බවට මනාව ප්‍රකට වේ

අංගම් පොර සටන් - Sinhala traditional Angampora Fighting

අද 22 09 2013 සැටලයිට් රූපසටහන 

මධ්‍යම කඳුරකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමඟ  ජලාශ වල ජල මට්ටම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව වාර්තාවෙයි.

නොවුඩ්, කැණියන් සහ ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු විවෘත කර තිබේ.

මේ නිසා පහත් බිමි ප්‍රදේශවල වාසය කරන ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර නුවරඑළිය ප්‍රදේශය ආශ්‍රිත මාර්ගවල අධික මිදුම් තත්ත්වයක් පවතින බව ද  ඒ මහතා පවසයි.

විශේෂයෙන් නුවරඑළිය ගම්පොළ මාර්ගයේ දැඩි මීදුම් තත්ත්වයක් පවතින හෙයින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා එහි ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අද(22) දිනය තුළ ද බස්නාහිර, දකුණ , සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේ ද කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වූ වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ තරමක රළු ස්භාවයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතැම් විට එම මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නොවුඩ්, කැණියන් සහ ලක්ෂපාන යන ජලාශ වල වාන් දොරටු විවෘත කෙරේ.To day weather Sri Lanka

ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙක් වූ දොන් ඩේවිඩ් හේවාවිතාරණ වඩාත් ප්‍රකට වූ නාමයයි. ක්‍රිස්තියානි මිෂනාරි බලපෑම්වලට එරෙහි බෞද්ධ ප්‍රතිරෝධයක් නිර්මාණය කිරීමට කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටු කළේ ය​. ඉන්දියාවේ බුදු දහම ශතවර්ෂ ගණනාවක පටන් බිඳ​ වැටි තිබු සමයක එය පුනර්ජීවනය කිරීමට ඔහු පුරෝගාමි විය. බුද්ධ ධර්මය ආසියා, උතුරු ඇමරිකා හා යුරෝපා මහද්වීප තුනේ ම දේශනා කිරීමට මුල්වු පළමු බෞද්ධයාද ඔහු වේ. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය .එතුමා බුද්ධ ගයාව බෞද්ධයන්ට අත්පත් කරදීමේ උදාරතර මෙහෙවරට අපි ගෞරව පූර්වකව නමස්කාර කරමු

. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ  149 වැනි ජන්ම සමරු දිනය නිමිත්තෙන් කොළඹ  විහාර මහා දේවි උද්‍යානයයේ අසල ධර්මපාල පිළිරුවට  පුෂ්පෝහාර දැක්වීම ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති  බානගල උපතිස්ස නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්  අද (17) උදෑසනදී පැවැත්විණි.

The 149 th birth anniversary of Anagarika Dharmapala was commemorated at the Vihara Maha Devi Park in Colombo today.The Mahadodhi Society to coincide with the commemoration ceremony.
කොළඹ නගරාධිපති ධර්මපාල පිළිරුවට ප්‍රථමයෙන් මල් දමක්  පළදවා  අචාර පුද කළ අතර  බානගල හිමියෝද තිනියාවල පාලිත හිමියෝද සෙසු ආරාධිතයෝද ධර්මපාල පිළිරුවට පුෂ්පෝහාර දැක්වුහ

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 149 වැනි ජන්ම සමරු දිනය - Birth anniversary of Anagarika Dharmapala

වෛද්‍යවරුන් ගැන හැමදාම අහන්නට ලැබෙන්නේ හිත කලකිරවන කතාබහමය.එක්කෝ නොසැලකිල්ල මත රෝගියා මියගොස්ය, නැත්නම් අසරණ රෝගීන් අනතුරේ හෙලා වැඩවර්ජනයේය නැත්නම් රෝහලේ කාරණා පසෙක තබා චැනල්  සේවයේය.එහෙත් රුධිරය ඇඟේ දුවන වෛද්‍යවරුන් තවම සිටිති. මේ ද එවන් උතුම් මිනිසෙකු ගැනයි.හෘදයාබාධයකට ලක් වූ රෝගියකු අම්බලංගොඩ රෝහලේ සිට බලපිටිය රෝහලට රැගෙන යාමට එහි ගිලන් රථ රියදුරා නොසිටියේය. අවසානයේ මිනිස් ජීවිතයක වටිනාකම තේරුම්ගත් ප්‍රධාන වෛද්‍ය නිලධාරී  දොස්තර  ප්‍රසන්න විජේසිංහ මහතා ගිලන් රථය බලපිටිය දක්වා පදවා රෝගියාගේ ජීවිතය බෙරුවේය.
එවන් නිලධාරින්  මුළු රාජ්‍ය සේවයටම ආදර්ශයක තමන්ගේ යුතුකම ජීවිත බේරා ගැනීම කියල තේරුම් ගත්ත මොහු  කළය දේ අගය කල යුතුයි. ඔබට අපේ ගෞරවය.

ප්‍රධාන වෛද්‍ය නිලධාරීයා ගිලන් රිය පදවා ජීවිතයක් බේරාගනී.chief medical officer driven an ambulance for save life

Posted by Unknown No comments

වෛද්‍යවරුන් ගැන හැමදාම අහන්නට ලැබෙන්නේ හිත කලකිරවන කතාබහමය.එක්කෝ නොසැලකිල්ල මත රෝගියා මියගොස්ය, නැත්නම් අසරණ රෝගීන් අනතුරේ හෙලා වැඩවර්ජනයේය නැත්නම් රෝහලේ කාරණා පසෙක තබා චැනල්  සේවයේය.එහෙත් රුධිරය ඇඟේ දුවන වෛද්‍යවරුන් තවම සිටිති. මේ ද එවන් උතුම් මිනිසෙකු ගැනයි.හෘදයාබාධයකට ලක් වූ රෝගියකු අම්බලංගොඩ රෝහලේ සිට බලපිටිය රෝහලට රැගෙන යාමට එහි ගිලන් රථ රියදුරා නොසිටියේය. අවසානයේ මිනිස් ජීවිතයක වටිනාකම තේරුම්ගත් ප්‍රධාන වෛද්‍ය නිලධාරී  දොස්තර  ප්‍රසන්න විජේසිංහ මහතා ගිලන් රථය බලපිටිය දක්වා පදවා රෝගියාගේ ජීවිතය බෙරුවේය.
එවන් නිලධාරින්  මුළු රාජ්‍ය සේවයටම ආදර්ශයක තමන්ගේ යුතුකම ජීවිත බේරා ගැනීම කියල තේරුම් ගත්ත මොහු  කළය දේ අගය කල යුතුයි. ඔබට අපේ ගෞරවය.

0 comments:

ශ්‍රී ලංකාවේ විශාලතම සාහිත්‍ය මුදල් ත්‍යාගය වන 2013 ‘ස්වර්ණ පුස්තක’ සම්මානය සඳහාමේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානය සඳහා 2012 වසරේ ප්‍රකාශයට පත් වූ නවකතා 116 ක් ඉදිරිපත් වූ අතර ජයග්‍රාහි  නවකතාව තෝරාගැනීම අදියර තුනක් යටතේ පැවැති අතර අවසාන අදියරට නවකතා පහක් තෝරා ගැනිනි.
 අවසන් අදියර සඳහා තේරුණු සිංහල නවකතා
@ සුමිත්‍රා රාහුබද්ධගේ ‘අත අත නෑර’,
@ මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘සෙංකොට්ටං
@ කීර්ති වැලිසරගේ ‘කාල සර්ප’
@ කපිල කුමාර කාලිංගගේ ‘කන්දේ වීදිය
@ සමරවීර විජේසිංහගේ ‘තැප්පාසේම ගිනි’ යන කෘතීන් ය.

මේ නවකතා පහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා විසින් අවසන් වටය සඳහා පත්කරන ලද උත්තරීතර විනිශ්චය මණ්ඩලයේ සභාපති ආරියවංස රණවීර මහතාට පිළිගන්වන ලදී.

සැප්තැම්බර් 10 වනදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත් වූ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේදී ජයග්‍රාහී නවකතාව වූ යේ කීර්ති වැලිසරගේ ‘කාල සර්ප’ නම් කෘතියයි මෙහි ප්‍රකාශණය සරසවි ප්‍රකාශකයන්ගෙනි  

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී සුපිරි මුදල් ත්‍යාගය වන රුපියල් 500,000 ඔහුට හිමිවූ අතර  සහ අවසාන වටයට තෝරාගත් නවකතා පහේ කතුවරුන්ට එක් අයකුට බැගින් පිදෙන රුපියල් 50,000 බැගින් ත්‍යාග  ද ඇතුළුව රුපියල් 750,000 මුළු ත්‍යාග මුදල ජයග්‍රාහී කතුවරුන්ට ලබාදුන්නේය .

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 2007 වසරේ සිට වාර්ෂිකව පවත්වන ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ සෑම සැප්තැම්බර් මාසයේදීම පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව පවත්වනු ලබයි.

2013 ‘ස්වර්ණ පුස්තක’ සම්මානය කීර්ති වැලිසරගේ ට - Swarna Pusthaka Award 2013 winner Keerthi Walisarage

Posted by Unknown 1 comment

1 comments:

"අරිට්‌ට" යන පදයේ "බිහිසුණු" යන අර්ථය ද ගැබ්ව ඇති බැවින් මෙය "බිහිසුණු පර්වතය" වශයෙන් ද දැක්‌විය හැකි බැව් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ. රිටි නමැති ගස්‌ තිබූ බැවින් "රිටිගල" වූ බවට ද මතයක්‌ දක්‌වා ඇත.

වසර 1500 කට අධික කාලයක්‌ තිස්‌සේ සුවිශේෂී වැදගත්කමකින් යුතුව පැවැති මෙම කඳු අරණ 10 වැනි සියවසේ අග භාගයේදී මෙන්ම 11 වැනි සියවසේ ආරම්භයේදී ද ලංකාව ආක්‍රමණය කළ චෝල ජාතිකයන් අතින් විනාශයට පත්විය.

1872 වසරේදී රජයේ මිනින්දෝරුවෙකු වූ ඡේම්ස්‌ මැන්ටෙල් මහතා විසින් මෙම කඳු මුඳුනෙහි පර්යේෂණ මධ්‍යස්‌ථානයක්‌ (ගණිතය පිළිබඳ) පිහිටුවීමත් සමඟම එතෙක්‌ මෙම භූමි භාගයේ පැවැති නිහඬ බව බිඳී ගියේය.
අනතුරුව පුරාවිද්‍යාඥ එච්. සී. පී. බෙල් මහතා විසින්ද රිටිගල කන්ද පිළිබඳව පර්යේෂණයක්‌ කර ඇත. එම පර්යේෂණය යටතේ සොයාගත් පුරාවිද්‍යාත්මක තොරතුරු සිතියම් සහ සැලසුම් සහිතව ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබිණි. එම වාර්තාව 1893 දී නිකුත් වූ අතර එහි රිටිගල පිළිබඳ පුරාවිද්‍යාත්මක තොරතුරු ඇතුළත් විය.

At the end of the tenth century, Ritigala came under the barrage of south Indian invasions. By the 10th-12th century AD Ritigala seems to had been abandoned by the hermit monks and soon it retreated into the jungles and rediscovered in the late 19th century by James Mantell, a government surveyor. A couple of decades later, the first archeological commissioner in Ceylon H.C. P. Bell visited Ritigala and published a report on his archeological investigations.

අපේ ඉතිහාසයේ සඳහන් නරවිරුවන් වූ පණ්‌ඩුකාභය රජු හා දුටුගැමුණු රජුගේ නම් ද රිටිගල කන්ද හා බැඳී පවතී. පණ්‌ඩුකාභය කුමරු තමන්ට එරෙහි වූ මාමාවරුන් සමඟ යුද වැදීමේදීත්. දුටුගැමුණු රජතුමා රට ආක්‍රමණය කළ සොළීන්ට එරෙහිව යුද වැදීමේදීත් මෙම රිටිගල කන්ද රැකවරණ ස්‌ථානයක්‌ ලෙස යොදා ගත් බැව් ඉතිහාසයෙහි සඳහන් වේ.

ඉන්දියානු සංස්‌කෘත මහා කාව්‍ය ග්‍රන්ථයක්‌ වූ රාමායණයෙහිද රිටිගල ගැන සඳහන් වේ. එහි සඳහන් වන අන්දමට ලංකාවේ රාවණා රජු සමඟ යුද වැදුණු ඉන්දියාවේ රාම රජුගේ සොහොයුරු ලක්‌ෂ්මන් කුමාරයාට යුද්ධයේදී තුවාල සිදුවී ඇත. එවිට ඉන්දියාවේ හිමාල වනයට ගොස්‌ ඖෂධ පැළෑටි රැගෙන එන ලෙස හනුමන් නමැති වානරයාට නියම කර තිබේ. එහි යන අතරතුර හනුමන්ට ඖෂධ පැළෑටිවල නම් අමතක වූ බැවින් ඔහු හිමාලයේ ඖෂධ උයනෙන් කොටසක්‌ම උදුරාගෙන ලංකාවට ගෙනැවිත් රිටිගල කන්දට අත හැරියේලු. අදත් රිටිගල කන්ද අගනා ඖෂධ පැළෑටිවලින් ගහන ස්‌ථානයකි.

රිටිගල වනපෙතට නායකයකු වූ යක්‌ෂ ගෝත්‍රික ජයසේන, මහසෝනා බවට පත්වී ඇත්තේද මෙම ස්‌ථානයේදී බව ජනප්‍රවාදවල සඳහන් වේ.

දුටුගැමුණු රජුගේ දස මහ යෝධයන්ගෙන් කෙනෙකු වූ ගෝඨයිම්බර - ජයසේන සමඟ පැවැති සටනේදී ගෝඨයිම්බරගේ අසිපත් පහරින් ජයසේනගේ හිස කඳින් වෙන්වී විසිවී ගිය බවත්, ජයසේනගේ මිතුරෙකු වූ සෙනසුරු තම මිත්‍රයාට සිදුවූ විපත අසා එතැනට දිව ආ බවත්, ජයසේනගේ හිස ඔහුට සොයා ගැනීමට නොහැකි වූ නිසා ඔහු වලසෙකු මරා එම හිස ජයසේනගේ කඳට බද්ධ කළ බවත් ජනප්‍රවාදයෙහි එයි.

 ඓතිහාසික රිටිගලට  ආවේනික  සම්ප්‍රධායික නැටුම් ගැයුම් තිබෙ.මෙම සම්ප්‍රදායික කලාවන් සුරකිනු වස්
උතුරු මැද පළාතට හා ඓතිහාසික රිටිගලට උළෙලක්  පලුගස්වැව මහා විද්‍යාලයයේදී පැවැත්විණි.
පලුගස්වැව ප්‍රාදේශිය සංස්කෘතික බල මණ්ඩලය,ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා සංස්තෘතික  කටයුතු දෙපාර්තමේන්තුව මෙම  ‘රිටිගල පාමුල සාහිත්‍ය කලා මංගල්‍යය ‘ සංවිධානය කැර තිබිණි.
අංගම්පොර සටන් කවි, ගිනි සිසිල, පාරම්පරික බිලි ශාන්ති කර්ම,ඉපැරණි ජන ක්‍රීඩා,ජන ගායනා,ජන නැටුම්, ආදී රංගනයන්ගෙන්  මෙම අවස්ථාව හැඩවිය.
Ritigala is a beautiful and ancient village in sri Lanaka.It has famous rock fortress.its situated near by North central Province.to 43 Km ahead from Anuradhapura. රිටිගල අප රටට අලංකාරය ගෙන එන ස්‌වභාව සෞන්දර්යයෙන් අනූන කඳු වැටියකි.

රිටිගලට ආවේනික සම්ප්‍රධායික නැටුම් ගැයුම් -Ancient Dancing and singing in Ritigala

this is about Yudanaganawa temple.its in Monaragala District near Buththala.it is a Largest Pagoda in Uva Province.  යුදගනාව චෛත්‍යය ඌව පලාතේ ඇති විශාලතම දාගැබයි.
ඓතිහාසික යුදගනාව දාගැබ සහ පිළිම ගෙය පිහිටා ඇත්තේ, ඌව පලාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තලය. බුත්තල නගරයේ සිට වැල්ලවාය දෙසට කිලෝමීටර් 2ක් පමණ පැමිණි පසු හමුවන යුදගනාව හංදියෙන් දකුණට හැරි තව කිලෝමීටරයක් පමණ ගිය විට යුදගනාව චුලාංගනී චෛත්‍ය සංකීර්ණයත්, තව ඉදිරියට ගිය විට වමි අත පැත්තට ඇති මාර්ගයේ අඩි 200 ක් පමණ ගිය විට ඒ, ඓතිහාසික යුදගනාව පිළිම ගෙයත්, ඒ ඓතිහාසික යුදගනා චෛත්‍යයත් දිස්වේ.
 King Dutugamunu and Sadhdha thissa were fighting together in ancient period of king kawanthissa.after that fight this place name call Yudangana Pitiya -  යුදගනාපිටිය ( Battling place)
මෙම ඓතිහාසික යුදගනා භූමිය දුටුගුමුණු කුමාරයා සහ සද්ධාතිස්ස කුමාරයා යන දෙසෙහොයුරන් සටන් කල ස්ථානය යැයි ජන ප්‍රවාදය කියයි. මෙය "යුදගනාපිටිය" ලෙස ඒ ඓත්හාසික යුගයේ හැදින්විනි. එයට පෙර වකවාණුවක මෙම ස්ථානය " චුල අංගන පිටිය" නමින්ද හදුන්වා ඇත.

යුදගනාව චෛත්‍යයය, යුදගනාව චුලාංගනී  චෛත්‍යය, අළුිතින් ඉදිවී ඇති සංඝාවාස බිම යන ඒවා ඉදිකිරිම් රජ වරුන් තිදෙනෙකුගේ ඉදිකිරිම් ලෙසට පෙනේ. (සද්ධාතිස්ස රජු, මහා පරාක්‍රමබාහු රජු, සහ මහා නාග රජු) එසේම පිළිම ගෙය මහා නුවර යුගයට අයත්ය.

this place has a large temple hall also the Arts of in walls belongs to Kandian period
ඓතිහාසික යුදගනා දාගැබ කොට වෙහෙරක් බව කියැවේ. කොට වෙහෙරක් යනු පේසා වලලු වලට ඉහලින් චෛත්‍යය සමතලා කොට ඒ මැද කුඩා දාගැබක් ඉදිකිරිමයි. එහෙත් නුතන පුරා විද්‍යා සම්ක්ෂණ වලට අනුව සතරැස් කොටුව සහිත විශාල චෛත්‍යයක්ව පැවැති බව පුරා විද්‍ය සාක්ෂි ඇතැයි පුරා විද්‍යඥයන් පවසතී. යුදගනා චෛත්‍යයේ වට ප්‍රමාණය අඩි 1038 යි අගල් 6 කී.

ඓතිහාසික යුදගනාව පිළිම ගෙය මහනුවර යුගයට අයත් යැයි සැලකේ. බිත්ති සහ බුදු රුව සදා ඇත්තේ මැටියෙනි. ඇතුලත සහ පිටත බිත්ති වල චිත්‍ර ඇද ඇත. පිටත බිත්ති වල චිතු හදුනා ගැනීමට අපහසුය මෙයට හේතුව වන්නේ අව්වට සහ වැස්සට මෙන්ම කාලයාගේ ඈවෑමෙන් මෙම චිත්‍ර දුර් වර්ණ වී තිබිමයි. දොරකඩ දෙපස බලුසිංහ රූප දෙකකී, එසේම දෙරටුව දෙපස කඩු රුගත් මුරකරුවෝ දෙදෙනෙකි. පිළිම ගෙය ඇතුලත බිත්ති වල සහ සිවිලිම පුරාම අලංකාර චිත්‍ර ඇද ඇත.

යුදගනාව චෛත්‍යය - Yudanganawa Temple in Monaragala

මේ වාසනාවන්ත සැප්තැම්බරයයි  පැරණි රෝම සමුහාණ්ඩු දින දර්ශනයට අනුව සැප්තැම්බර් මාසය වසරේ හත් වැනි මාසයයි.ලතින් භාෂාවෙන් සේප්තෙම් යනුවෙන් හැදින්වෙන්නේ අංක 7යි එමනිසා මේ මාසයට සැප්තැම්බර් යන නාමය භාවිතාවේ.සැප්තැම්බරය සාහිත්‍ය මාසයයි එය සාහිත්‍ය මාසය ලෙස ප්‍රකාශයට පත්කෙරුනේ 1956 වර්ෂයේදීය.පාඨකයන් පොත් පරිශීලනය යොමු කිරීම, ග්‍රන්ථ කතුවරුන් දිරිගැන්වීම සාහිත්‍ය මාසයේ අරමුනයි. සංවේදී පරපුරක් බිහිකිරීම උදෙසා කෙරෙන සාහිත්‍ය ක්‍රියාකාරකම් සඳහා නව පිබිදුමක් ලබා දීමට මෙම මාසයේ දී නිර්මාණ කරුවෝ එක්රොවෙති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයද මෙවර මේ මස 14 වන දින සිට 22 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එසේම එයට සමගාමීව විවිධ උත්සව, දේශණ ලංකාව පුරාම සංවිධානය කර තිබීම විශේෂත්වයකි.

ලංකාවේ පළමු ගුවන් සේවය AIR LANKA  ආරම්භ කලේද 1979 සැප්තැම්බර් 1 වෙනිදාය

ලංකා පිගන් සංස්ථාව ආරම්භ කලෙත් සැප්තැම්බරයේය.ඒ 3 වෙනිදාය 
ලෝකයේ සිදුවීම් අතර චාර්ල්මග්නේ නම් රෝම පාලකයා සැප්තැම්බරය හැඳින්වුයේ අස්වනු මාසය ලෙසටයි ඉන්දියාව සැප්තැම්බර් 5 වනදා ඔවුගේ ගුරු දිනය ලෙස සමරති. උස්බෙකිස්ත්නයේ ජාතික දිනය ලෙස සැප්තැම්බර් පළමුවෙනිදා ඔවුන් සමරති. වියට්නාමයේ ජාතික දිනයද සැප්තැම්බර් 2 දාය.ඇමරිකාවේ පෙන්ටගනයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුයේද සැප්තැම්බර් 11 වෙනිදාය.

වාසනාවන්ත සැප්තැම්බරය - Lucky September

වල ගම්බා රජ සමයේදී කරවනලද ඉතිහාසය අනුරාධපුර සමය දක්වා දිවෙන තවත් අප්‍රකට විහාරගෙයක් ලෙස රිදී විහාරය සැලකිය. හැකිය රිදී විහාරයේ ප්‍රධාන විහාර මන්දිරය තනා ඇත්තේ විශාල ගල්ලෙනකය.ගෘහ නිර්මාණ ශිල්පය අතින් එය එතරම් පැරණි වුවද එහි චිත්‍ර සහ මුර්ති වලින් එම පෞරාණිකත්වය නිගමනය කල නොහැකි වීම විශේෂ කාරණයකි.විහාර ලෙන මන්දිර දෙකකින් යුක්තය.මෙහි සමහර සිතුවම් මහනුවර යුගයට නෑකම් කියන නිසාවෙන් යම් අලුත් බවක් විද්‍යාමාන වෙයි විහාර මන්දිරය තුල පිහිටි බුදුපිළිමයේ පසුකඩ තොරණ ද්‍රවිඩ සම්ප්‍රදායක බලපෑමක් මත නිර්මිත වුවක් ලෙස අනුමානකල හැක. මෙම මකර රූපය සහ තිරිගිතලය පොළොන්නරු සම්ප්‍රදායට නෑකම් කියයි.ප්‍රතිමා ගෘහය ඉදිරිපිට වූ ශාලාව ඉදිකරතිබෙනුයේ  කපන ලද කළුගලින් කල ශක්තිමත් අඩිතාලමකයි. මහනුවර සම්ප්‍රදායට අයත් යයි සැලකිය හැකි කළා නිර්මාණ කීපයක්ද මෙහි ඇත.

ප්‍රෞඩ  ඉතිහාසයක් ඇති අපේ උරුමය ගැන දැනගනිමු!! එය රක ගනිමු !!! 

රිදී විහාරය -Ridee Viharaya - Silver Temple Kurunegala

Powered by Blogger.

Translate

රේඩියෝ අහපු අය

back to top