What's New Here?

  ලංකා නාට්‍ය කලාව කවදා කෙසේ බිහිඋනිදැයි  නිශ්ච්තවම ප්‍රකාශ කිරීමට තරම් ප්‍රමාණවත් ලේඛණ ගත සාධක හෝ වෙනත් පුරා විද්‍යා සාක්ෂි නොමැත.නමුත් සාම්පදායික ජන ශ්‍රැති වලින් හා මහා වංශය වැනි වංශකතා මුලාශ්‍ර  වලින් මේ සම්බනධව යම් යම් තොතුරු ලබාගත හැකිවේ. මේ විමර්ශනයට අනුව මෙරට නාට්‍ය කලාව  විජයාගමනයටත් පෙර අවධියේ පටන් පැවතුන්නක් බව ඉස්මතුකරගත හැක

මහා වංශය වාර්තා කළ අන්දමට විජය  රජු මෙරටට පැමිණිදා කිසියම් ශබ්දයක් ඇසි ඒ පිලිබදව විමසුවිට කුවේණිය සඳහන් කර ඇත්තේ එය  මංගල උත්සවයක නැටුම් ගැයුම්  බවත්ය. ඉන් අපට වැටහෙන්නේ  මෙහි විජයාගමනයටත් පෙර පටන් පවතින කලාවක් ශ්‍රී  ලාංකිකයන් සතුව පැවති  බවයි.

මහා වංශෙය්ම පෙන්වන අනෙක් කරුණ වන්නේ පණ්ඩුකාභය රජ දවස චිත්තරාජ කාලවේල  වැනි යක්ෂ ගෝත්‍රික  නායකයන් පණ්ඩුකාභය රජු සමග සමාසුන් ගෙන එදා  පැවති සමජ්ජ උත්සවයකට සහභාගී වූ බවයි.මෙලෙස ලංකාවේ අතීතයේ පටන්ම කිසියම් රැඟුම් කලාවක් පැවතීම පිලිබඳ සාධක අපට හදුනාගත හැකිය.

ආගමික මුලාශ්‍ර පදනම් වූ රංග කලාවක් ගැන අද ද  සාක්ෂි තිබීම අතීත ලාංකේය ප්‍රසාංගික කලාව ගැන මුල් සපයයි . තොවිල් හා ඊට සම්බන්ධ සන්නි යකුම, දහ අට සන්නිය , කාන්තාවන් ගේ රෝග  නිවාරණය පිණිස රඟ දැක්වූ  රිද්දි යාගය ,දොළහ පාලිය, දහඅට පාලිය, ගරා යක් නැටුම ආදිය  ද අතීතෙය් පටන් අපෙ සම්ප්‍රදායික  ජනතාව තමන් ඇදහූ දෙවිදේවතාවන් වෙනුවෙන් සිදුකල  ගම්මඩු, පුනාමඩු, මල්මඩු , වන්දනාමඩු ආදියද  අදටත්  දැකිය හැකිය.

මේවා  සියල්ල ගැමි නාටක ලෙස හදුන්වන අතර ගැමි  ජනතාව තම විනෝදාත්මක  මාධ්‍යයක් ලෙස මේවා  භාවිත කල බවට  හදුන්වන්නට අපි පුරුදු වී සිටිමු. මෙකී ගැමි නාටක අතර ලක් දිවට බුදු දහම පැමිණිමටත් පෙර පටන් මෙහි පැවතුනා විය හැකි රැගුම් සම්ප්‍රදායක් ලෙස කොහොඹ යක් කංකාරිය විද්වත් අවධානයට ලක්ව තිබේ. ෙමෙහි තෙරුවන ගැන සඳහන් නොවීම මේ අනුමානය තවත් සනාථ කරවයි . උඩරට ගැමි රංග කලාවක් වන මෙය  පරිසරයට අධිපති කොහොඹා දෙවියන් වෙනුවෙන් රඟ  දැක්වුණූ ශාන්තිකර්මයකි. ඒහි  යම් රංගමය අවස්ථා රාශියක් හදුනාගත හැකි අතර මූලික ජවනිකා ගණනාවක් ඔස්සේ  කංකාරිය  රග දැක්වේ . වැන්දුම් යක් තුන් පදය , වද්දන් ගිවිස්සීම, ඌරු යක්කම, වාසි යක්කම, ආදී  ජවනිකා රාශියක් දක්නට ලැබේ

කොහොම්බ යක් කංකාරියේ  වඩා  දියුණු තත්වයක් ලෙස
සොකරි  හදුන්වා දිය හැකිය.මෙය  කිසියම් කතා පුවතක් වටා ගෙතුමක්  වන අතර දැනට ඒවැනි ඉපැරණී සොකරි   කතා පුවත් පේරාදෙණිය  සරසවියෙ සුරැකිව තබා තිබේ.

තවත් විස්තර ඊළග ලිපියෙන්

ශ්‍රී ලංකාවේ නාට්‍ය කලාව ඇරඹුම සහ එහි විකාශනය - Beginning of Sri Lankan Drama and folk performing Art

Posted by Unknown No comments

0 comments:

ඔහු බිහි නොවන්නට අපේ ‘ජන සංගීතය’ වැළලී ගොස් බොහෝ කල්ය.1922 පෙබරවාරි 17 වැනි දා හරිස්පත්තුවේ ඉඩමේගම ග්‍රාමයේ දී උපත ලැබූ විලියම් බණ්ඩාර මකුලොලුව සංගීත ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් සිදුකළ මහා ගාන්ධර්වයකු වූයේය.

මෙරට ජන සංගීතය වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කළ මකුලොලුව මහතා ඉන්දියාවට ගොස් හොඳින් ශාස්තී‍්‍රය සංගීත අධ්‍යාපනය ලත් පසුව සංගීත ගුරුවරයකු, කථිකාචාර්යවරයකු (ඉන්දියාව) සංගීත පරීක්‍ෂකවරයකු හා සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයෙකු ලෙස තනතුරු ගණනාවක් හෙබවුව ද එම කාල වකවානුවේදී ඔහු ‘දේශීය සංගීතය’ හෙවත් අපේ ජන සංගීතය වෙනුවෙන් කර ඇති සේවය විමර්ශනය කිරීම ප්‍රසංශනීයයි.ඔහු සංගීත පරීක්‍ෂක තනතුරේ රාජකාරි කටයුතු බාරගත් මොහොතේ සිට සංගීත විෂය ක්‍ෂේත‍්‍රයේ නව පිටුවක් පෙරළිණි.පාඨශාලීය විෂයක් වශයෙන් සංගීතය අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට ඇතුළු කිරීමට ලයනල් එදිරිසිංහ මහතා පුරෝගාමී වූවා මෙන්ම, එදා පාසල් සංගීත පාඨමාලාවේ වන්නම්, සීපද යන යන දෙකට පමණක් සීමා වී පැවැති සිංහල ගීත ක්‍ෂේත‍්‍රයෙහි ජන නාද ක‍්‍රම සොයා ‘සිංහල ජන ගී’ ඇසුරෙන් නව සංගීත පාඨමාලාවක් සකස් කළේ ද මෙතුමා විසිනි.
ලංකාවේ 500 ක් පමණ සිටි සංගීත නැටුම් ගුරුවරුන් සඳහා සංස්කරණ සම්මේලන රැසක් සංවිධානය කිරීමට ද එතුමා සමත් විය. එමගින් ගුරු පුහුණු වැඩමුළු රාශියක් සාර්ථක විය. ලංකාවේ ජන ගී ඇසුරු කොටගෙන ගුරු භවතුන් සහභාගි කොට ගනිමින් වාදක මණ්ඩල පුහුණු කොට ජන ගී නාදමාලා ඇසුරු කොට ගෙන ‘ගොයම් දා මඟුල’, ‘මාර පරාජය’, ‘හිරගෙයින් මරුමුවට’, හා ‘මහභිනිෂ්ක‍්‍රමණය’ ආදී ය එළිදක්වන ලදී. ඒ සඳහා බටහිර සංගීත භාණ්ඩ ද අවශ්‍ය පරිදි යොදා ගත්තේය. ඒ අනුව ජාත්‍යන්තර වේදිකාවේ  පැසසුමට ලක්වී ඇති දේශීය  සංධ්වනි ක‍්‍රමයේ පුරෝගාමියා ද ඔහුය.ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් හෙළ සංගීතය පිළිබඳව ලොවට කරුණු වටහා දීම සඳහා ඔහු එංගලන්තය, රුසියාව, ඇමෙරිකාව ආදී රටවල පැවති ලෝක මහා සංගීත සම්මේලනවලට සහභාගි විය. ඒ සඳහා මුල් කොටගත් ලංකාවේ පාරම්පරික ගැමි ගීතයන්ය.

ඔහු විසින් ශී‍්‍ර ලංකාව පුරා විසිරී ඇති ජන ගී රාශිය විධිමත් ලෙස සංවිධානය කොට ඒවා නව වර්ගීකරණයට භාජනය කොට ගනිමින් ප‍්‍රස්ථාර ගත කොට ‘හෙළ ගී මඟ’ නම් උසස් කෘතිය 1962 දී එළිදක්වන ලදී. මෙහිදී සිංහල ජන ගී සඳහා පදනම් වූ සිංහල ‘තිත් තාල’ පද්ධතිය ද ක‍්‍රමවත්ව සකසා ගත්තේය. සියලුම තාල ‘තිත් ක‍්‍රමය’ මත පදනම් කොට ගෙන තාල දෙතිසකට වර්ග කොට ගැනුම අතර එම ප‍්‍රස්ථාර ක‍්‍රමය බෙහෙවින් ප‍්‍රචලිත විය.භාරතයේ ශාන්ති නිකේතනයේ දී ගායනය, වාදනය, නර්ථනය, හදාරා සියරට පැමිණ මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සංගීත විෂය මුසු කොට විවිධ ආයතනවල පරිපාලන තනතුරු දරා ජන සංගීතයේ මං පෙත් හෙළි පෙහෙළි කර 1984 සැප්තැම්බර් 08 වැනි දා ඔහු දැයෙන් සමු ගත්තේය.

හෙළ සංගීත මඟ හෙලිකළ ඔහු

දේශීයත්වය අගයන, ලක්දෙරණේ විස්කම් තොරතුරු ලොවට කියාපාමින්, ලක් මවගේ දේශියත්වය ලක්වාසීන්ට මිතුරුකමින් හුරුකරවමින් ශ්‍රාවක මනස තුල පරිකල්පන හැකියාව දියුණු කරමින්, නව ලොව දැනුම සමග ජාතික වගකීමක් ලෙස ක්‍රියා කරමින් හරවත් වැඩසටහන්, ගීත සහ පුවත් ඔබ වෙත ලබා දීම - සරස ගුවන් විදුලියේ පරමාර්ථයයි.එක්වෙන්න අප සමග යාලුවන්ටත් කියන්න

වෙබ් රේඩියෝ කලාවක ඇරඹුම ළගදීම -await Art of web Casting

Posted by Unknown No comments

දේශීයත්වය අගයන, ලක්දෙරණේ විස්කම් තොරතුරු ලොවට කියාපාමින්, ලක් මවගේ දේශියත්වය ලක්වාසීන්ට මිතුරුකමින් හුරුකරවමින් ශ්‍රාවක මනස තුල පරිකල්පන හැකියාව දියුණු කරමින්, නව ලොව දැනුම සමග ජාතික වගකීමක් ලෙස ක්‍රියා කරමින් හරවත් වැඩසටහන්, ගීත සහ පුවත් ඔබ වෙත ලබා දීම - සරස ගුවන් විදුලියේ පරමාර්ථයයි.එක්වෙන්න අප සමග යාලුවන්ටත් කියන්න

0 comments:

Powered by Blogger.

Translate

රේඩියෝ අහපු අය

back to top